බහින්බස්වීම දුරදිග ගොස් මල්ලී අයියාගේ ගෙල කපා මරලා

50

බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සොහොයුරා විසින් තම වැඩිමහල් සොහොයුරාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසයි.

පෙරේදා (30දා) රාත්‍රි රුවන්වැල්ල, කුඩාගම ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ අමිතිරිගල පදිංචිව සිටි 42 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වූ අය නිවස අවට සුද්ද පවිත්‍ර කරමින් සිටියදී ඔහුගේ බාල සොහොයුරා පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතරේ කතාබහක් ඇතිවී තිබේ. එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සොහොයුරා විසින් තියුණු ආයුධකින් වැඩිමල් සොහොයුරාගේ ගෙල කපා එම අපරාධය සිදුකර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

40 හැවිරිදි වියේ පසුවන සැකකාර බාල සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment