මහරගමිනුත් මවක් සහ දරුවෙක් අතුරුදන්

225

මහරගම, පතිරගොඩ විහාරවත්ත පාරේ පදිංචි 23 හැවිරිදි මවක හා අවුරුදු 3 ක් වයසැති සිඟිති දැරියක දින 8 ක සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ රයිගම බුලත්සිංහලාගේ ඉෂාදි රංගිකා නමැති මව සහ කටුබැද්දගේ ලිතුන්යා හිමාෂි යන සිඟිත්තියයි.

තම බිරිඳ හා දියණිය ජූලි 19 වැනිදා සිට අතුරුදන් වී ඇතැයි සැමියා විසින් මහරගම පොලිසියට පැමිණිලි කර තිබේ.

තමා 19 වැනිදා උදෑසන කිරුළපන පාමංකඩ පළතුරු වෙළෙඳසැලේ සේවයට ගිය බවත්, නැවත එදින රාත්‍රි 10.00 ට පමණ පැමිණි විට තම බිරිඳ හා දියණිය නිවසේ නොසිටි බවත් සමිඳු තිවංක මහතා ‘දිවයින’ ට පැවසීය.

පසුව දෙමටගොඩ පදිංචි ඇගේ මවගෙන් ඇය පැමිණියේද යන්න විමසා සිටි බවත් ඇය එහි නොපැමිණි බව පැවසූ බවත් හෙතෙම කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.

ඒ අවට සීසීටීවී කැමරා ද පරීක්‍ෂාවට ලක්කිරීමට නියමිත බව ද පොලිසිය කියයි.

මෙම මව හා දියණිය ගැන තොරතුරු දන්නේ නම් මහරගම පොලිසියේ 0112-850700 ට දැනුම්දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එස්. ඩී. අබේසිංහ – මහරගම, සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment