චරිත තෝරාගනිද්දී අපිට මුලින් වැරදුණා

305

සංසාරිණී අධ්‍යක්ෂ දිල්ශාන් මේ කියන්නෙ මොකක් ගැනද?
භාරගත්තු වැඩවලට හොරබොරු කරන්න හොඳ නෑ
ඒක කලාවට කරන ගැරහීමක්

මේ දිනවල හිරු ටීවී ඔස්සේ සතියේ සෑම දිනකම රාත්‍රී 9.00 ට විකාශනය වන “සංසාරිණී” ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින්ම ජනප්‍රියයි. “ලංවී” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂක දිල්ශාන් අමරසිංහගේ දෙවැනි නාට්‍ය අධ්‍යක්ෂණය ලෙස “සංසාරිණී” අධ්‍යක්ෂණය කර ඇත. සංසාරිණී ටෙලි නිර්මාණය පිළිබඳව මෙවර “මීවිතට” කතා කරන්නට එහි අධ්‍යක්ෂක දිල්ශාන් අමරසිංහ අපිත් සමඟ සුහද පිළිසඳරක යෙදුණා.

චරිත තෝරාගනිද්දී අපිට මුලින් වැරදුණා

දිල්ෂාන් “සංසාරිණී” එක්ක ද මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ?

ඔව්. සංසාරිණීත් එක්ක තමයි මේ ටිකේ නම් වැඩිපුරම කාර්යබහුල වෙලා ඉන්නේ. ඒත් එක්කම මගේ upstream කියලා ප්‍රඩක්ෂන් හවුස් එකක් තියෙනවා කමර්ෂල්” ඩිජිටල් එහෙම කරන. ඒ වැඩත් එක්ක තමයි කාර්යබහුල මේ දවස්වල.

සංසාරිණී ටෙලි නාට්‍යය ගැන කතා කළොත්?

සංසාරිණී කතාව තිහස්වර” ආදිත්‍ය සහ අනගි වටා තමයි ගෙතිලා තියෙන්නෙ. මේ කතාව ඇතුළේ සැඟවිලා තියෙන්නේ සහෝදරයෝ දෙන්නෙක් අතරට මැදිවුණු තරුණියකගේ ආදරය දෝලනය වන ආකාරය. සංසාරිණී ටෙලි නාට්‍ය ඇතුළේ ආදරය” සංවේදීකම” කුතුහලය කියන දේ මනාව ගැබ්වෙලා තියෙනවා. අලුතින් වෙනස්කම් රාශියකට මැදිවෙලා ගලා යන සුන්දර කතාංගයක් කියලා කියන්න පුළුවන්.

චරිත තෝරාගනිද්දී අපිට මුලින් වැරදුණා
චරිත තෝරාගනිද්දී අපිට මුලින් වැරදුණා

දිල්ෂාන්ගේ මේ කීවැනි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය ද?

මම මුලින්ම අධ්‍යක්ෂණය කළේ හිරු ටීවී තුළින්ම විකාශනය වූ “ලංවී” ටෙලි නාට්‍යය. දෙවැනි වරට තමයි “සංසාරිණී” අධ්‍යක්ෂණය කළේ.

සංසාරිණීට දැනට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

සංසාරිණී පටන් ගත්ත මුලදිමත් බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණා. හැබැයි ඊටත් වඩා බොහොමයක් ප්‍රතිචාර මේ වෙද්දි කතාවට ලැබෙනවා. කතාව ඇතුළේ යම් යම් වෙනස්කම් රැසක් සිදු වුණත් ප්‍රේක්ෂකයෝ කිසි වෙනසක් නොකර හරිම ආදරණීයව කතාව වැළඳගෙන තියෙනවා කියලා ඒ ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා. අපේ ක්ෂේත්‍රය තුළත් බොහෝ අය “සංසාරිණී” නරඹනවා.

චරිත තෝරාගනිද්දී අපිට මුලින් වැරදුණා
චරිත තෝරාගනිද්දී අපිට මුලින් වැරදුණා

රංගන ශිල්පීන්” ශිල්පිණියන් තෝරා ගත්තේ කොහොමද?

මම” පිටපත් රචක තිමිර උඩලමත්ත සහ නිෂ්පාදක සඳුන් බණ්ඩාර අපි තුන්දෙනා තමයි ඇත්තටම කතාබහ කරලා චරිතවලට අනුකූලව මේ නළු නිළියන් තෝරා ගත්තේ. ඒ චරිත තෝරා ගනිද්දී මුලින් අපිට වැරදුන තැනුත් තිබුණා. හැබැයි අපි දැන් ඒ මුලින් වුණ වැරදි හදාගෙන ඒ චරිතවලට උචිතම අයව මේ වෙද්දි තෝරා ගෙන තියෙනවා.

මේ ක්ෂේත්‍රය තුළ කලකිරුණ අවස්ථාත් තියෙනව ද?

මේ ක්ෂේත්‍රය තුළ කලකිරෙන එකම හේතුව තමයි මේ ක්ෂේත්‍රයේ අය වගකීමකින් වැඩ කරන්නේ නැතිකම. තමන් යම් නිර්මාණයක චරිතයක් භාර ගත්ත නම් වගකීමෙන් යුතුව එම චරිතයට සහ නිර්මාණයට සහාය වෙනවා නම් ඇත්තටම හරිම වටිනවා. එහෙම නැති වුණාම ඒ දෙයින් ගොඩක් අයට බලපෑම් එල්ල වෙනවා. මට මේ කතාව තුළ දී මුලින් කලකිරීමක් දැනුනත් මම ඒ අවස්ථාව කොහොම හරි ජය ගත්තා. මට කියන්න ඕනේ කවදාවත්ම තමුන්ගේ නිර්මාණයකට” තමුන් භාරගත්ත නිර්මාණයකට හෝ කරන වැඩකට කවදාවත්ම හොර” බොරු කරන්න හොඳ නැහැ. එහෙම කරන්න එපා. ඒක අපි කලාවට කරන ලොකුම ගැරහීමක් කියලා තමයි මට නම් හිතෙන්නේ. එවැනි ප්‍රශ්නවලට මුහුණදෙන්න ලැබීම නිසා අධ්‍යක්ෂකවරයෙක් විදියට ඇත්තටම මට මේ ක්ෂේත්‍රය තුළ යම් කලකිරීමක් ඇති වුණා.

“සංසාරිණී” මේ වෙද්දි අලුත් රසයක් ගෙන එනවාද?

ඔව්. සාරංග දිසාසේකර” ටනාෂා හතරසිංහ” විදුරවි කුඹුක්ගේ” දමයන්ති ෆොන්සේකා වගේ ගොඩක් අලුත් චරිත ටිකක් එක්ක තමයි කතාව වෙනස් වුණේ. ඒ වෙනස් වුණ කතාව ප්‍රේක්ෂකයෝ ඉක්මණින් ග්‍රහණයට අහුකරගෙන තියෙනවා. එහෙම වුණේ අලුත් රසය නිසා වෙන්න ඇති. මම හිතන විදිහට සාරංග දිසාසේකර” දමයන්ති ෆොන්සේකා වගේ සෑහෙන කාලයක් පුරාවට මේ ක්ෂේත්‍රය හිටපු ජනප්‍රිය චරිත මේ නාට්‍යයට වෙනස් මුහුණුවරක් ගේනවා. මේ හැමදෙයක් වගේම තිර පිටපත වෙනස් වීම සහ අලුත් ආටිස්ලගේ පැමිණීමත් කතාවට අලුත් රසයක් ගෙන ආවා කියලා කියන්න පුළුවන්.

අධ්‍යක්ෂණයේ දී හිතුවද ප්‍රේක්ෂකයන් ඉක්මනින්ම සංසාරිණී” වැළඳගනී කියලා ?

ඇත්තටම ළංවී ටෙලිනාට්‍යය ඉවර වෙද්දී ලොකු ප්‍රතිචාරයක් තිබුණා. අපි ලංවී ඉවර වෙලා ඒ උණුහුමත් එක්කම තමයි “සංසාරිණී” පටන් ගත්තේ. මම විශ්වාස කරනවා එහෙම නිර්මාණය කරන්නත් හොඳ නැහැ. මොකද back to back එහෙම නිර්මාණ කරනකොට මගේ නිර්මාණශීලීත්වයම තමයි නැති වෙන්නේ. නමුත් ඒක මට චැනල් එකෙන් ආව ඉල්ලීමක් නිසා තමයි මම “සංසාරිණී” කළේ. නමුත් දැන් මේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළම ඉහළයි. ලංවී නාට්‍යයටත් වඩා වැඩියෙන් “සංසාරිණී”ට ලැබෙන ප්‍රතිචාර ඉහළයි කියන්න පුළුවන්.

“සංසාරිණී” හැඩකරන්න දිල්ෂාන්ට සහාය වෙන අනෙක් අයවත් මතක් කරමුද?

ඔව්. අනිවාර්යෙන්ම මේ අයව මතක් කරන්න ඕනේ. මගේ නිෂ්පාදක සඳුන් බණ්ඩාර” තිර පිටපත් රචික තිමිර උඩලමත්ත. මේ දෙන්නා තමයි ඇත්තටම හැම පැත්තෙන්ම මට සහයෝගය ලබා දෙන්නේ. ඒත් එක්කම මගේ නිෂ්පාදන කණ්ඩායමත් මතක් කරන්න ඕනෑ. ඒ සියලු දෙනාගේ එකමුතුකමින් තමයි “සංසාරිණී” හැඩ වෙන්නේ.

දිල්ෂාන්ගේ ඉදිරි වැඩකටයුතු මොනවද ?

මම මේ දිනවල මිනි සීරියස් එකක් පටන් ගන්න චක්බ කර ගෙන යනවා. ඒ වගේම චිත්‍රපටයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක මගේ තිබුණ ලොකු හීනයක්. ඉතිං ඒ කටයුතු තමයි ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment