එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා ශාන්තිකර කලාපීය සමුළුවෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

46

2024 පෙබරවාරි 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය සමුළුවේ (Asia Pacific Regional Conference-APRC) 37 වැනි සැසිවාරය සඳහා සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය යනු කුසගින්න පරාජය කිරීමට, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර ප්‍රයත්නයන් මෙහෙයවන එක්සත් ජාතීන්ගේ විශේෂිත වූ ආයතනයකි. ආසියා ශාන්තිකර කලාපීය සමුළුව මගින් ආසියා ශාන්තිකර කලාපය පුරා සාමාජික රටවල් 46 ක කෘෂිකර්ම අමාත්‍යවරුන්ට සහ වගකිවයුතු ඉහළ නිලධාරීන්ට කලාපීය සහජීවනය ප්‍රවර්ධනය කරමින් ආහාර හා කෘෂිකර්මයට අදාළ අභියෝග සහ ප්‍රමුඛතා සාකච්ඡා කිරීමට හැකියාව ලැබේ.

2024 පෙබරවාරි මස 19 සිට 22 දක්වා සැලසුම් කර ඇති අමාත්‍ය සැසිවාරයට පෙර 2024 ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 2 දක්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමක් (Senior Officers Meeting – SOM) පැවැත්වේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමෙහි මුලසුන දරනු ලබන්නේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා විසිනි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමෙහි වාර්තාව සම්මත කරගැනීම සඳහා එය අමාත්‍ය සැසියේදී ඉදිරිපත් කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment