සුව සෙත සලසන පිරමිඩ ශක්තිය

152

ජාත්‍යන්තර කීර්තියට පත් ඉන්දියානු මහාචාර්ය ජිතේන් බට් මැතිතුමාගේ පිරමිඩ් යාන්ත්‍රණය ගැන පැවැත්වුණු දේශනයට සවන් දුන්නෙමි. විශ්ව ශක්තිය නම් වචන දෙක මේ වනවිට ඔබත් මමත් බොහෝ සේ අසා ඇතිවාට සැකයක් නැත. එහෙත් මේ විශ්ව ශක්තිය යනු මට අත්දකින්නට ලැබුණු දෙයක් නොවීය. එහෙයින්ම මා ඒ ගැන විශ්වාස කරන්නේ කෙසේද? සත්‍ය යැයි නොදුටු කිසිවක් මම විශ්වාස නොකරමි.

ඉන්දියානු ජාතික ගුරුතුමා වාස්තු ශාස්ත්‍රය හා විශ්ව ශක්තිය ගැන බොහෝ දේ මුළු දිනය පුරා පැවසීය. මෙවැනි න්‍යායාත්මක දෙසුමක් රසවත් වන්නේ අඩුවෙන් බව නොකිවමනාය. ‘හෙට ඔබට මේ කියන දේ ඇස්පනාපිටම දැනගන්නට හැකි වේවායි’ පාඨමාලාවේ සංවිධායකතුමා අපට දන්වා තිබිණි.

විශ්ව ශක්තිය ගලන්නේ ඊසාන දිශාවෙන් බව ලංකාවේ සිංහල පුවත්පත්වල හා විවිධ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබේ. එබැවින් ඉඩමේ ඊසාන දිශාව හිස්ව තැබිය යුතුය. ඊසාන පැත්ත ගොඩනැගිල්ලේ ද උස අඩුවිය යුතුය. උස් විශාල ගස් නොවැවිය යුතුය. ඒ විශ්ව ශක්තිය ගෘහය තුළට ගලාඒමට ඉඩ සලසනු පිණිසය. එහෙත් අප එය දැක නැත. එසේ නමුත් මේ ජනප්‍රිය ප්‍රසිද්ධ වාස්තු නියමයකි.

“මෙය අතට ගන්න”

ගුරුතුමා අප අතට පත් කළේ කුඩා දම්වැලකින් අමුනන ලද පෙන්ඩියුලමයකි. (PENDULUM) මේ වනවිට අපගේ දෑතේ ඇඟිලි හා යටිපතුලට භාවිත කිරීම පිණිස ව්‍යායාම උපකරණ ලබාදී ඒවා පුහුණුකර තිබිණි. පෙන්ඩියුලමය භාවිත කරන ආකාරය පුහුණු කරන ලදී. එය සරලය. දකුණු අතේ මහපටඟිල්ල හා දබරඇඟිල්ලට දම්වැල මුලින් අල්ලාගත් පසුව ලඹයක් මෙන් පෙන්ඩියුලම් එක පහතට එල්ලී පවතී.

පෙන්ඩියුලමය මම හොඳින් නිරීක්‍ෂණය කර බැලුවෙමි. එහි දම්වැල අත එල්ලා ඇති කුඩා උපකරණය කුමක්ද? ඒ ඉතා කුඩා පිරමීඩයකි. පිරමීඩය ලෝක පුදුම වලින් එකකි. පිරමීඩය යනු කුමක්ද? මම එය මෙසේ සරලව පැවසීමට කැමැත්තෙමි.

‘විශ්ව ශක්තියේ ජීවමාන සංකේතය පිරමිඩය වේ’

විශ්ව ශක්තියේ කුඩාම ඒකකයක් ලෙස එය නිපදවා ඇත්තේ පුරාණ රජ දරුවන් විසිනි. සියලුම පිරමිඩ ලෝකයේ විවිධ තැන්වල ඉදිකර ඇත්තේ ක්‍රි.පූ 3 හා 4 සියවස්වලදීය. ඊජිප්තුව ගැන කියන විටම සිහියට නැගෙන්නේ පිරමිඩයි.

මෑත කාලය දක්වා පිරමිඩ ගැන තිබූ විශ්වාසය වූයේ ඒවා තනා ඇත්තේ රජ පවුල්වල අයගේ මළමිනි තැන්පත් කරන්නට බවය. එහෙත් එය ඊට වඩා බොහෝ ප්‍රයෝජන ගත හැකි ඉදිකිරීමක් බව මේ වනවිට සොයාගෙන තිබේ. ආචාර්ය ධාරා බට් ලියා ඇති “Pyramid yantra for vaastu”, නම් ග්‍රන්ථයේ ඇය විසින් මෙසේ පවසා ඇත.

“මහා ඇලෙක්සැන්ඩර් රජු මහා පිරමිඩයේ ඇති රජ කුටියට ඇතුල්වූ විට වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීම් පහළ වූ බව කියැවේ. එය අද්දකින්නට ලැබෙන තෙක් මම එය විශ්වාස නොකළෙමි. ඇත්තටම එම කුටියට ඇතුළු වූ විට ඇතිවන්නේ පුදුම වෙනසකි. භාවානුගත සමාධියක් එවලේම ඇති වේ. වචනයෙන් විස්තර කළ නොහැකි යමක් මට අවබෝධ විය. මට දැනුනේ සිතේ ඒකාග්‍රතාවයකි. මෙයට හේතුව රජ කුටියේත් මහා පිරමිඩයේත් ඇති සංකලනයයි.”

මෙයින් පෙනෙන්නේ විශාල පිරමිඩයක් තුළ සාදන ලද විශේෂ කුටිය චිත්ත සමාධිය ලබා ගැනීම හෝ වෙනත් විශේෂ ශක්තීන් ලබා ගැනීම උදෙසා සාදා ඇති බවය. එහි විශේෂත්වය වන්නේ පාදමේ ඇති චතුරශ්‍රයත් පිරමිඩය හැදෙන ත්‍රිකෝණ හතරත් සුවිශේෂී මිනුම් වලින් යුත් ජ්‍යාමිතික හැඩයකින් යුතු උපකරණයක් වීමය.

ඊජිප්තු මහා පිරමිඩවලට සමාන ජ්‍යාමිතික හැඩවලින් යුත් කුඩා ආකෘති සාදා පර්යේෂණ කරන්නට විද්‍යාඥයන් පෙළඹී ඇත්තේ මෑතකදීය. කාඩ්බෝඩ් වලින් සාදාගන්නා එවැනි පිරමිඩයක් දකින විට එහි කිසි විශේෂත්වයක් නොපෙනේ. සුදු හිස් කොටුවක් වැනි දෙයකි. එහෙත් එයින් වසා තබන ලදුව රැවුල කපන බ්ලේඩ් තලයන් නැවත මුවහත් විය. වියළි බැටරියක් දුර්වල වූ විට නැවත ආරෝපනය කළ හැකි විය. වසා තබන ලද ආහාර නරක් නොවීය. ඖෂධවල ගුණය වැඩි විය. පිරමිඩයෙන් වසා තබන ලද ජලය ඖෂධයන්ම විය. පිරමිඩය තුළ භාවනා කළ හැකි නම් සිත වහා එකඟ වේ. සමේ රෝග, නින්ද නොයෑම, රුධිර පීඩනය වැනි ආබාධ සුවකිරීමේ හැකියාව තිබේ.

අප ඉහත සඳහන් කළ පෙන්ඩියුලම් එකද කුඩා දම්වැලට අමුනන ලද ඉතා කුඩා පිරමිඩයකි. භූමිය ඇති කොටස විශාල ක්‍ෂෙත්‍ර ඵලයක පැතිරුණ ද අහස දෙසට යනවිට උල් හැඩයකින් නිමවීම මෙහි ස්වභාවයයි. පිරමිඩ විවිධාකාර වේ. බෞද්ධ චෛත්‍යය, ස්ථුප, වෙනත් ආගමික ගොඩනැගිලි ද මේ ආකාරයටම නිමකර ඇති බව පෙනේ. මෙම විවිධාකාර හැඩ තළ වලින් යුත් පිරමිඩවල ශක්තිය හඳුනාගත් නූතන විද්‍යාඥයෝ ඒවා වාස්තු දෝෂ නිවාරණය පිණිස යොදා ගැනීමට සමත් වී සිටිති.

ඒ කෙසේද වාස්තු දෝෂයක් යනු වැරදි ලෙස ශක්ති ගලනය වීමයි. උදාහරණයක් වශයෙන් නිවසේ ප්‍රධාන දොර හෝ ගේට්ටුව ගැන බලමු. එය නිවසක ඉතා වැදගත්ම ස්ථානයයි. ශරීරයේ මුඛය යම් සේද නිවසේ දොර ද එසේය. මුඛයෙන් ඇතුළු වන්නේ පෝෂ්‍යදායක පිරිසිදු ආහාර නම් ඒවා ශරීරය නිරෝගීව පවත්වා ගැනීමටත්, ශක්තිය ලැබීමටත් උපකාර වේ. එමෙන්ම අපිරිසිදු කිසිදු ගුණයක් නැති දේ ආහාරයට ගැනීමෙන් විවිධ රෝගාබාධ වැළඳෙනවා ඇත. වළඳන්නේ විෂබීජ හෝ බැක්ටීරියා සහිත දේ නම් තත්ත්වය ඉතා අයහපත් වේ. ගෙදරක දොර ද එසේය. වැරදි ස්ථානයක සවිකර ඇති දොරක් තුළින් අහිතකර ශක්තීන් නිවස තුළට ගලනය වේ. මේ හේතුවෙන් ගෙදර වාසය කරන්නන්ට විවිධ සෞඛ්‍ය ගැටලු හා ධන හානි මෙන්ම සිත් තැවුල් ද නිර්මාණය වනවා ඇත. ද්වාරචක්‍රවලට අනුකූලව දොර පිහිටුවන්නේ මේ නිසාය. එහෙත් දැනටමත් දොර පිහිටුවා ඇත්නම් කිරීමට සිදුව ඇත්තේ කුමක්ද? එය ගලවා නැවත සුබ ස්ථානයක සවි කිරීමයි. මෙය ප්‍රායෝගික ගැටලුවකි. එමෙන්ම වියදම් ද අධික වනවා ඇත. අනුමත උපකරණයක් දොරේ සවිකිරීමෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබාදීමට මෙකල හැකිවී ඇත්තේ පිරමිඩ යාන්ත්‍රණය මගිනි. එය පහසුය. වියදම් අඩුය.

වැරදි ලෙස ඉහළ මාලයට යන පඩි පෙළ හෝ නිවසේ මුළුතැන්ගෙය පිහිටුවා ඇත්නම් තත්ත්වය මීට වඩා දරුණු වේ. මුළුතැන්ගෙය නිවසක තේජෝ ධාතුවට හිමි දිශාවේ තිබිය යුතු වේ. මෙවැනි වරදක් ද නිවැරදි කිරීමට උපකරණ භාවිත කළ හැකි වේ.

අප අවට පරිසරයේ ඇති ශක්තීන් දෙවර්ගයකට බෙදේ. ධන ශක්තිය හා ඍණ ශක්තියයි. බෝධිය, චෛත්‍යය හෝ විහාරයන් වැනි ආගමික පරිසරයක ධන ශක්තිය අධිකය. රෝහල් කර්මාන්ත ශාලා, සුසාන භූමි, ආදාහනාගාර අසල ඍණ ශක්තිය අධිකය. අපේම නිවසේ ද තත්ත්වය එසේය. නාන කාමර වැසිකිළි හා එම වළවල් අසල ශක්තිය ඍණ වේ. ජීවත්වීමට සුදුසු වන්නේ සමබර වූ ධන ශක්තිය ඇති පරිසරයකය. ධන ශක්තිය ඇතත් ආගමික ස්ථාන ජීවත්වීමට සුබ නොවේ. ඊට හේතුව එහි ධන ශක්තිය ඉතා අධිකවීමයි. ඕනෑවට වඩා විශාල ප්‍රමාණයක් ආහාර අනුභව කළ නොහැකිවාක් මෙන් අධික ධන ශක්තිය ද නොගැලපෙන පරිසරයක් නිර්මාණය කරයි.

එහෙත් අධික වියදමක් දරා මිලට ගත යුතු නාගරික ඉඩම් කැබැල්ලක ජීවත්වන අයට මෙම ධන හෝ ඍණ ශක්තීන්ගෙන් බේරීමට හැකි නොවේ. නිවස ඉදිරිපිට සුසාන භූමිය, අල්ලපු වත්තේම දේවාලය හෝ බෝධි වෘක්ෂය තිබෙන්නට පුළුවන වෙන කළ හැකි දෙයක් ද නැත. ජීවත්විය යුතුමය.

මෙවැනි අවස්ථාවක ද ඒ වෙනුවෙන් නිර්මාණය වූ විශේෂ උපකරණ අදාළ ස්ථානවල සවිකර ගැනීමෙන් ජීවත්වීමට සුදුසු පරිසරයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබේ. එහෙත් මේ වෙනුවෙන් විශේෂ පුහුණුව ලද පයිරා වාස්තු උපදේශකවරයකුගේ සහාය ලබා ගැනීම අවශ්‍යම වේ. එය අවබෝධයෙන් යුතුව ද නිරවi උපකරණ මගින් පමණක් ද කළ යුතු බැවිනි.

මෙම ලිපියෙන් ඔබට අනාවරණය කළේ හුදෙක් වචනයට පමණක් සීමා වී පැවති විශ්ව ශක්තිය හඳුනා ගැනීමටත් එය අපට අවශ්‍ය පරිදි පාලනය කර අපේ යහපත සඳහාම යොදා ගැනීමටත් හැකි බවය. වාස්තු දෝෂ නිරාකරණය කර ගැනීම එහි ප්‍රමුඛ වුවද රෝග නිවාරණය, ප්‍රාර්ථනා ඉටුකර ගැනීම, ශරීර දුබලතා ජය ගැනීම ඇතුළු බොහෝ මානව අවශ්‍යතාවන් සපුරා ගැනීම ඊට අයත් වේ.

මෙම ලිපිය සකස් කිරීම උදෙසා උදව් වූ මහාචාර්ය ජිතේන් බට්ගේ ග්‍රන්ථය ද ඉන්දියාවේ චෙන්නායි හි පිතේන් පිරමිඩ් මධ්‍යස්ථානයේ ප්‍රධාන ජයකුමාර් බෂ්නා ගුරුතුමන් ද ඊට මඟ පෙන්වූ එරන්න විතානගේ මහතා ද කෘතගුණයෙන් මතක් ්කරමි. වැඩි විස්තර සඳහා විමසන්න.

සුව සෙත සලසන පිරමිඩ ශක්තිය

ජ්‍යොතිර්වේදී සුනිල් කුමාර ගම්ලත්
කෙළින්වීදිය, කෑගල්ල,
0771234313, 0352232084

advertistmentadvertistment
advertistmentadvertistment