පෙම්වතිය සිය දිවි හානි කර ගන්නා බවට සැලවීමෙන් පෙම්වතා ගෙල වැලලාගෙන

128

පෙම්වතිය සිය දිවි හානි කර ගන්නා බව ඇසූ යාපනයේ තරුණයකු සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මෙසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ යාපනයේ කොලුපුතුරේ, නෙලුකුලම් පාරේ පදිංචි එස්.කාර්තීපන් නැමැති 20 හවිරිදි තරුණයකි.

ඔහු ඊට යාබද ගම්මානයක වයස අවුරුදු 18 ක තරුණියක් සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන සිටින අතරවාරයේ එම සම්බන්ධය ඇයගේ පියාට දැන ගැනීමට ලැබීමෙන් පසුව ඔහු දෙදෙනාට ම අවවාද කොට තිබේ.

තරුණියට නිවසින් බැහැර යෑම තහනම් කිරීමෙන් පසුව තරුණිය සිය පෙම්වතාට දුරකතන ඇමතුමක් ලබාගෙන වහාම තමන්ව කැටුව යන ලෙස දන්වා ඇති අතර එසේ නොකළහොත් තමන් සිය දිවි හානි කර ගන්නා බව පවසා ඇත.

තරුණයාට සිය පෙම්වතියගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම නිසා ඔහු දැඩි ලෙස සිත් තවුලට පත්ව ඔහුගේ නිවසේ දීම ගෙල වැලලා ගෙන මිය ගොස් තිබේ. ඉදිරිපත් වූ සාක්කි අනුව යාපනය පොලිසිය තරුණයාගේ මෘත ශරීරය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහලට භාර දී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment