2023-ස්වර්ණ පුස්තක සම්මාන උළෙල හෙට

834

සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශක උත්මාචාරය 2023 – ස්වර්ණ පුස්තක සම්මාන උළෙල හෙට (සැප්: 08 වැනිදා) ප.ව.6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරින් හොදම නවකතා සඳහා ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රදානය කෙරෙන මෙම උළෙල මෙවරත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ මානව විiා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්‍ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මියගේ සහභාගීත්වයෙන් මෙවර උළෙල පැවැත්වෙන බව සංවිධායක කමිටුව පවසයි. පසුගිය වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් නවකතා 12 ක් දෙවන වටයට නිර්දේශ වී තිබූ අතර ඒවා අතරින් මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහා විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගෙන ඇති නවකතා පහකි.

● කූර හඬෙකි වියැකෙන – නෝබට් අයගමගේ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.

● ඩූඕ – DUO – සුරත් ද මැල් – සරසවි ප්‍රකාශනයකි.

● උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝරකවියා –

පී.බී.ජයසේකර – කෙහෙලි ප්‍රකාශනයකි.

● පහනක අඳුර – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්‍රකාශනයකි.

● මුන්නක්කරේ සංසාරේ – මංජුල වෙඩ්වර්ධන – විදර්ශන ප්‍රකාශනයකි.

සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment