පාපන්දු තනතුරු දරන්න එන අය මෙන්න

181

ලබන 29 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා පාර්ශව දෙකකින් නාමයෝජනා භාර දුන්නේය.

එහිදී එක් පාර්ශවයක් වූ දක්ෂිත සුමතිපාල පාර්ශවයේ සභාපති අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාර දුන් ඔහුගේ නම ඇතුළුව තවත් නම් 4 ක් ප්‍රතික්ෂේප විණි.

ඒ අනුව උද්ගත වී ඇති තත්ත්වය අනුව මෙවර නිලවරණයේ තනතුරු 13 ක් සඳහා අපේක්ෂකයන් 9 දෙනකුට පමණක් තරග කිරීමේ අයිතිය සුමතිපාල පාර්ශවයට හිමි වී ඇත.

අභියාචනා මැතිවරණ කමිටුව
අනුමත නාමයෝජනා ලැයිස්තුව
ජස්වර් උමාර් කණ්ඩායම:

සභාපති: ජස්වර් උමාර්

(ශ්‍රී ලංකා පාපන්දු විනිසුරු සංගමය)

උප සභාපතිවරුන්: රංජිත් රුද්‍රිගු (මීගමුව ලීගය), ආචාර්ය මනිල් ප්‍රනාන්දු (කළුතර ලීගය), සමන් ඩිල්ෂාන් නාගහවත්ත (ගාල්ල ලීගය), ආර්.එම්.එම්.පී. කරුණාතිලක (ශ්‍රී ලංකා නාවික හමුදා ලීගය)

විධායක කමිටුව: අබ්දුල් ගෆාර් (මාවනැල්ල ලීගය), අබ්දුල් මනාෆ් (අම්පාර ලීගය), ඒ. නාගරාජන් (වවුනියා ලීගය), ටී.එච්.එස්. ඉන්දික (මාතර ලීගය) මොහොමඩ් රිස්වි (කින්නියා), දීපිකා කුමාරි (බියගම ලීගය), එම්.වී.ජේ.කේ. සිල්වා (නාවලපිටිය ලීගය) සහ සයිෆුල්ලා යූසුෆ් (මාකන්ටේල් ලීගය).

දක්ෂිත සුමතිපාල පාර්ශ්වය:

උප සභාපතිවරුන්: පී.ජී.පී. පිරිස් (දෙහිවල මුන්ට්-ලෙව්නියා ලීගය), ජගත් රෝහණ (ජාතික සේවා ලීගය), රෝහිත ප්‍රනාන්දු (වෙන්නප්පුව ලීගය),

විධායක කමිටුව:

නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල් ලීගය), ඒ. ජී. සුනිල් (වෙන්නප්පුව ලීගය), සමීර සම්පත් අක්මීමන (පොළොන්නරුව ලීගය), ආර්. ඒ. තරංග (දෙණියාය ලීගය), ලියෝ ප්‍රනාන්දු (පොළොන්නරුව ලීගය) සහ ටී. සුතාගර් (ජාතික ලීගය).

advertistmentadvertistment
advertistmentadvertistment