නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි සංචාරකයෝ හැරී යති

338

තැපෑලේ වෘත්තිය සමිති ව්‍යාපාරයට සහාය දක්වා

දිවයින පුරා ක්‍රියාත්මක වන තැපැල් සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය දක්වමින් 11 දින නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය පරිශ්‍රයේ කළු කොඩි ඔසවා තැපැල් කාර්යාලය වසා දැමීමට කටයුතු කර තිබුණි.

තැපැල් දෙපාර්තමේන්තුව සතු නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල පෞද්ගලීකරණය කර විකිණීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට තැපැල් වෘත්තිය සමිති පියවර ගෙන ඇත. නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දැමීමෙන් තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන සංචාරකයන් නැවත හැරී යන අයුරු ද දක්නට ලැබුණි.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment