මගේ පඹයෝ පිච්චුවාට මම සැලෙන්නේ නෑ… අනාගත දරු පරපුර ගැන හිතලා තීරණය ආපස්සට ගන්නේ නෑ!

194

මගෙ අනුරූ පුච්චන්න පුලුවන් වළලන්න පුලුවන් එ් එකකින්වත් මට රිදෙන්නෙ නැහැ. අනාගත දරුපරපුර පිළිබ`ද හිතලා මේ ගත්ත තීන්දුව එක්ක අපි හිටගන්නවා. අනාගත දරු පරපුර වකුගඩු රෝග හැදිනවාට අපි විරුද්ධයි. දේශපාලනික ඇසෙන් නොබලන බොහෝ පිරිසක් මේ වැඩපිළිවල අනුමත කරනබව අපි දන්නවා. ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තෙ දුරදිග බලලා. මෙහි ප‍්‍රතිපල ලැබෙන්නෙ ටිකක් ප‍්‍රමාධ වෙලා වුණාට කාර්යාවලිය ප‍්‍රමාධ කරලා බැහැ. එ් නිසා අපි පොහොර ලබාදී තිබෙන නිසා වගාකරන්නැයි ගොවි මහත්වරුන්ගෙන් අපි ඉල්ලනවා. අස්වැන්නෙ අඩුවක් වුණොත් එ්කට රජය විදිහට අපි බලාගන්නවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

පුරා වසර 22ක් කාබනික පොහොරෙන අස්වද්දන අක්කර 50ක පමණ කුඹුරුයායක සිදුකළ නිරීක්‍ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් එ්මහතා එසේ පැවසීය. එහිදී අදහස් දැක්වූ එ් මහතා මෙසේද පැවසීය.

වි වගාව යහමින් සිදුකෙරෙන අනුරාධපුර, පොළොන්නරුව අම්පාර මඩකලපුව ප‍්‍රදේශවල ගොවිමහතුන් සරුසාරෙට වගාව කරගෙන යනවා අපි බලන්න ගියා. එ් වගේම අපි මේ ඉන්න කුලියාපිටියෙ කුඹුරුයායත් අක්කර පනහකට ආසන්නව වගා කරලා. තත්වය සතුටුදායකයි. ගොවිමහත්තුරු ඉල්ලුවෙ පොහොර. අපි පොහොර මේ වනවිට ලබාදී තිබෙන්නෙ. එ් නිසා එ් අය වගාවෙ නිරතවෙලා. පොහොර ඉල්ලුවා පොහොර දුන්නා. හො`ද බව ඔප්පු කරන්න කිව්වා අපි එ්කත් පෙන්නුවා. සල්ලි විතරයි අපිට තව පෙන්නන්න තියෙන්නෙ.

උද්ඝෝෂණ රැුළි වල ඉන්නෙ ගොවි මහත්වරු නෙවෙයි. එ් සියලු දෙනා එජාප, සජබ, ජවිපෙ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු හා ආධාර කරුවන්. එ් අයට ඕන වස කවලා හරි බලය අල්ලන්න. සැබෑ ගොවිමහත්වරුන් එ්වට සහභාගී වුණානම් මෙසා විශාල වගාවන් කරන්න කාලයක් එන්නෙ නැහැ. පොහොර දුන්නට පස්සෙත් උද්ඝෝෂණ යනවානම් එ්ක ගොවි උද්ඝෝෂණ වෙන්න බැහැ. එ්ක දේශපාලනික උද්ඝෝෂණයක්.

සාම්ප‍්‍රදායික වී වර්ග වගාකොට ඇති අක්කර පනහකට ආසන්න එම කුඹුරුයාය අස්වද්දන ගොවිමහතුන්ද එම අවස්ථාවේදී දෑත් එක්කර ඉල්ලා සිටියේ ජනාධිපතිතුමන් ගන්නාලද රසායනික තහනම පිළිබ`ද තීන්දුව බහුජාතික සමාගම්වල හා දේශපාලන කල්ලි කණ්ඩායම් වල උවමනා අනුව රොද බ`දින උද්ඝෝෂණ කරුවන්ගේ විහිලුවලට රැුවටී ආපස්සට නොගන්නා ලෙසයි.

කෙසේවෙතත් මේ තීන්දුව සමගින් මේ වනවිට ගම්වල සැබෑ ගොවිමහතුන් එක්කාසුවෙමින් සිටින බවද පැවසූ ඔවුහු දිගින් දිගටම එම තීන්දුව සමගින් සිටියහොත් වසර 10ක් යන්නට මත්තෙන් කුඹුරු යායවල් අසල ගෝ්ඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පිළිරූ පවා සාදන බවනම් තමන්ට විශ්වාස බවත් එදාට උද්ඝෝෂණ ස`දහා සහභාගීවූවන්ද මල්පූජාකරන්නට අපේ දරුවන් සමග එක්වෙනු ඇති බවත් පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යවරයා සමගින් එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්, ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ප‍්‍රාදේශීය සභාවේ සභාපති විජේසිරි එ්කනායක යන මහත්වරුන් සමගින් ගොවි සංගම් නියෝජිතයින් හා ප‍්‍රදේශයේ ගොවිමහතුන් සහභාගීවිය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment