වෙඩි තැබීමකින් අයෙක් මරුට

69

මොරගහහේන කුඹුක ප්‍රදේශයේ දී ඊයේ (16 දා) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවතේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයකු බවද පොලිසිය කීය.

ව්‍යාපාරිකයා හොරණ පොකුණුවිට දෙස සිට ගෝනපල දෙසට ගමන් කර ඇති අතර, අලුයම එකට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු මෝටර් රථය නවතා රියැදුරු අසුන දෙසින් පැමිණ වෙඩිතබා පළාගොස් ඇතැයිද පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

මිලි මීටර් 9 වර්ගයේ පතුරම් යෙදූ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය පවසයි.

මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වති.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment