වවුනියාවේ ඖෂධ වෙළෙඳසලකින් මාස 6ක් ඇතුළත මත් පෙති 47000ක් විකිණිලා

31

මාස හයක කාලයක් ඇතුළත වවුනියාව නගරයේ පිහිටි එක් ඖෂධ වෙළෙඳසලකින් මත් පෙති 47000 ක් අලෙවි කොට ඇති නිසා වහාම එම ඖෂධ වෙළෙඳසලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වවුනියාව මහ රෝහලේ බලධාරීන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත 15 දා දැනුම් දී තිබේ.

මෙම මත්පෙතිවලින් වැඩි කොටසක් අලෙවි කොට ඇත්තේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන බවද සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දී ඇත.

මෙම වර්ගයේ මත්පෙති අලෙවි නොකරන ලෙස මීට පෙර අවස්ථා දෙකකදීම වවුනියාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම ඖෂධ වෙළෙඳසලේ සේවකයන්ට දැනුම් දීම් කොට ඇතත් ඔවුන් එම දැනුම් දීම් නොතකා මත්පෙති අලෙවිය දිගින් දිගටම සිදු කරගෙන යන බව රෝහල් බලධාරීන් සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී තිබේ. එම ඖෂධ වෙළෙඳසලේදී එක් පෙත්තක් රුපියල් 200 බැගින් වූ මුදලකට මත්පෙති 47000 ක් අලෙවි කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment