කාසල්රී – මාවුස්සාකැලේ පිටාර මට්ටමට

174

කාසල්රී සහ මවුස්සාකැලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශ දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරු පවසති.

කාසල්රී ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර ඊයේ (02දා) උදෑසන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 140 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර, එම ජලාශයේ ජල මට්ටම අඩි 108 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජලාශ භාර ඉංජිනේරුවරු කියා සිටිති.

ජලාශ දෙකේම ජල ධාරිතාව 90% දක්වා ඉහළ ගොස් ඇති නිසා විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත්, අධික වර්ෂාව තව දින කිහිපයක් පැවතියහොත් එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බවත් ජලාශ භාර ඉංජිනේරුවරු වැඩිදුරටත් පැවසූහ.
නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment