යාපනයේ කඩු කල්ලි නැවත හිස ඔසවයි

109

යාපනයේ නීර්වේලී ප‍්‍රදේශයේ නිවසකට පෙරේදා (21 දා) රාත‍්‍රී ඇතුලූ වූ කඩු පොලූ රැගත් පිරිසක් එම නිවසේ භාණ්ඩවලට අලාභහානි කොට නිවසේ සිටි දෙදෙනකුට කඩු ප‍්‍රහාර එල්ලකොට තුවාල සිදුකොට පලාගොස් තිබේ.

තුවාලකරුවන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මේ ප‍්‍රහාරය සදහා පස්දෙනකු හෝ හයදෙනකු පැමිණි බවට යාපනය පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

එම නිවසට ප‍්‍රහාරයක් එල්ල වූයේ මන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැත.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment