මෙරට ජනගහණයෙන් සියයට 56කට කොරෝනා එන්නත සම්පූණයෙන් දීලා

65

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි විසි ලක්ෂය ඉක්මවා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව පුද්ගලයින් 12,043,368 දෙනෙකු මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත.

මෙම පිරිස මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 56ක ප්‍රතිශතයකි.

එමෙන්ම පුද්ගලයින් එක් කෝටි 46 ලක්ෂ 39,679 දෙනෙකු එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment