උණ රෝගී මාතර රැදවියන් වැඩි වේ

111

මාතර බන්ධනාගාරයේ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ රෝහල්ගත කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසයි. ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබති. ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. මෙම තත්ත්වය නිසා සිරකරුවන් බැලීම සඳහා අද (24) සහ හෙට (25) විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණ ද මාතර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අවසර ලබාදීමේ කාලය සීමාකිරීමට පියවරගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment