බලයට, හිතවත්කමට, ඥාතිකමට පැමිණිලි විභාග නොකරන්න – කොමිසම පොලිසිවලට දන්වයි

108

බලයට හිතවත්කමට පක්‍ෂපාතීත්වය අනුව පැමිණිලි විභාග නොකරන ලෙස පොලිස් කොමිසම සියලුම පොලිස් ස්ථානවලට දැනුම්දීමක් කරයි.

මේ පිළිබඳව උපදෙස් මාලාවක් අඩංගු ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව පොලිස් කොමිසමේ ප්‍රකාශකයකු ‘දිවයින’ ට පැවැසීය.

ඇතැම් පොලිස් ප්‍රධානීන් මහජන පැමිණිලි විභාග කිරීමේදී චෝදනාවට ලක්කෙරෙන පාර්ශ්ව හිතවත්කමට, පක්‍ෂපාතීකම මෙන්ම ඥාති මිත්‍රකම් සඳහා කරුණු විභාග කරන බවට ලැබෙන මහජන පැමිණිලි අනුව මෙම ගැසට් පත්‍රය මෙසේ නිකුත් කරන බවද එම ප්‍රකාශකයා කීවේය.

මේ අනුව පැමිණිලි පාර්ශ්වයට ලැබෙන සාධාරණය වෙනුවට අසාධාරණයක් සිදුවෙන බවද පොලිස් කොමිසම පෙන්වා දෙයි. තවද සමහර පොලිස් නිලධාරීන් පැමිණිලි පාර්ශ්වයෙන් පැමිණිල්ල සටහන් කරගනු ලබන්නේ කිසිදු සැලකිල්ලකට ලක්නොවන ආකාරයට බවද පැමිණිල්ල ලියාගැනීමෙන් පසු කියවා තේරුම්දී ඔහුගේ අත්සන ලබාගැනීමට පොලිස් නිලධාරීන් ක්‍රියාශීලී විය යුතු බවද පොලිස් කොමිසම කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment