පිටු 40,000ක් කියවන්න තියෙනවා – සිරිල් ගාමිණි පියතුමා කියයි

197


පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ පොලිස් විමර්ශන වාර්තා පිටු හතළිස්දාහකට ආසන්න ප්‍රමාණයක් තිබෙන නිසා එය ඉක්මණින් කියවා අවසන් කිරීමට නොහැකි යැයි කොළඹ අගරදගුරු මැඳුරේ කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිදුකළ පොලිස් විමර්ශන වාර්තා අඩංගු සංයුක්ත තැටි හයක් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් පසුගිය දින කුරුණෑගල පදවිය භාර හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමා වෙත භාර දී තිබුණි. මෙම විමර්ශන වාර්තා කතෝලික සභාවේ නීතිඥවරයාගේ අවධානයට ද යොමුකර තිබේ.

 නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment