ජෙරොම් අද ගුවනින් බිමට

458

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (21 දා) සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යෙදවීමට පියවර ගැනීමට නියමිතව ඇත. ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි විට අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් ද යෙදවීමට තීරණය කර ඇතැයි පොලිසිය පවසයි.

ඔහුට විදේශ ගමන් තහනම් කරමින් පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මේ වනවිට ලබාගෙන ඇති අතර ඒ අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment