විදුලි බිල ගෙවීමට දී ඇති දින 40 කාලය දික් කරන්න

108

– පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය

විදුලිබිල ගෙවීමට දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 68 කි. මෙම වසරේ දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කරන ලද අතර 2022 වසරේදී මසකට ඒකක 180 ක් පරිභෝජනය කරන ලද විදුලි පාරිභෝගිකයකුගෙන් විදුලි බිල සඳහා අය කළේ රුපියල් 3,755.00 කි. නමුත් විදුලි ඒකක 180 ක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයකුට මේ වන විට ගෙවීමට සිදුවන මුදල ආසන්න වශයෙන් රුපියල් 10,500.00 කි. එය විශාල මුදලක් වන අතර එම විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයකුට ලබා දී ඇති කාලය දින 40 කි.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික පරිහානිය නිසා පවුල් කුටුම්බියක ආදායම සැලකිය යුතු මුදලකින් වැඩි වී නැති අතර බොහෝ විට පවුලේ ආදායම තවත් අඩුවී ඇත. 2022 ජනවාරි මාසයේ විදුලි බිල නොගෙවූ විදුලි පාරිභෝගිකයන් 253,465 ක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව රතු නිවේදන නිකුත් කිරීම 60% කින් වැඩි වී තිබේ. එමගින් පෙනී යන්නේ මෙරට විදුලි පාරිභෝගිකයන්ට බිල ගෙවා ගැනීමට අපහසුතාවක් ඇති බව යැයිද එම සංවිධානය කියයි.

විදුලි බිල කිහිපවතාවක් වැඩිකළද බිල ගෙවීමට

පාරිභෝගිකයාට ලබා දී ඇති කාලසීමාව වැඩි කිරීමට කිසිවිටකත් කටයුතු කර නැත. එම නිසා සමස්ත විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ නිවසක මාසික විදුලි බිල ගෙවීම සඳහා දැනට ලබා දී ඇති දින 40 කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසත් බව එම සංවිධානය පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment