අසල්වැසියාගේ ඉර අල්ලන මෙහෙයුම

224

සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා වන ඉන්දීය ආදිත්‍යා- එල් 1 රොබෝ යානය රැගත් රොකොට්ටුව සෙනසුරාදා (02 දා) පෙරවරුවේ ගුවන්ගත කරනු ලැබීය.

ආදිත්‍යා-එල් 1 නම් අභ්‍යවකාශ යානය බෙංගාල බොක්කෙන් ඔබ්බෙන් පිහිටි දූපතක් වන ශ්‍රී හරිකෝටා සිට එරට වේලාවෙන් සෙනසුරාදා පෙ.ව. 11:50 ට දියත් කරන ලදී. එය පෘථිවියේ සිට සැතපුම් 930,000 (කිලෝමීටර් මිලියන 1.5 ක) පමණ දුරින් පිහිටි ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය වෙත ගමන් කරයි.

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සිය චන්ද්‍රයාන් -3 අභ්‍යවකාශ යානය චන්ද්‍රයා මතුපිටට ගොඩබස්වා සති දෙකකටත් අඩු කාලයකට පසුව ආදිත්‍යා-එල් 1 සාර්ථකව ගුවන්ගත කරන ලදී. මෙම ජයග්‍රහණය සමග ඉන්දියාව සඳ මත යානයක් ආරක්ෂිතව ගොඩ බැස්සවූ ලොව සිව්වන රට බවට පත්විය. චන්ද්‍රයාන් මෙහෙයුම ලබන සතියේ අවසන් වීමට නියමිතයි.

ආදිත්‍ය L 1 ගමන් කරන්නේ ලග්‍රෙන්ජ් පොයින්ට් 1 වෙතය. එය සූර්යයා සහ පෘථිවිය අතර පිහිටා ඇති ප්‍රදේශයක් වන අතර එම ස්ථානය සුළු ඉන්ධන පරිභෝජනයක් සහිතව සූර්යයාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රශස්ථ ස්ථානයකි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment