පකිස්තානයට අයිඑම්එෆ් දැමූ කොන්දේසි

462


ජාත්‍යන්තර අරමුදලින් ණය ආධාර ලබාගැනීම සඳහා පකිස්තාන රජය බදු මුදල් වැඩිකිරීම,විදුලිය ගාස්තු ඉහළ දැමීම ඇතුළු යෝජනා රැසක් 2022/23 අයවැය සඳහා ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ සඳහා එම අරමුදලේ නියෝජිතයින් සහ අගමැති ෂෙහාබ් ෂරීෆ් මහතාගේ රජයේ නියෝජිතයින් අතර පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇත.එසේම පකිස්තාන රජය විසින් ගෙවීම නතරකර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක ණය මුදල යළි ගෙවීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ගැනද විමසා ඇත.වත්මන් රජය මෙම ණය ගෙවීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩසටහනකින් බැහැරවුවහොත් අපේක්ෂිත ආදායම ලබාගන්නා විකල්ප සැලසුමක් ඉදිරිපත් කළ යුතුව ඇතැයිද ජාත්‍යන්තර අරමුදල යෝජනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment