දියුණුව හා විනාශය ලබාදෙන කූපය හෙවත් ළිඳ

281

සඳ ගැන වගේම ළිඳ ගැනත් කවියෝ ගී ලියූහ. ගැයූහ. අදත් සඳ හා ළිඳ ආදරය, විරාහව, වේදනාව, දුක, කඳුල වගේම ප්‍රීතිය සතුට ප්‍රබෝධය යන කරුණු අරඹයාය. ළිද වගේම ලිධ ළඟ සංගමය පුරාණ කාලයේ පටන්ම පැවතගෙන එන ප්‍රබල සංගමයකි. අද වගේ සමාජ මාධ්‍ය නොපැවැති යුගයකදී ප්‍රධාන සමාජ මාධ්‍ය වූයේ ළිද ළඟ සංගමයයි. පුංචිම පුංචි කාලේ අපේ අම්මා මට නිතරම කීවේ ළිද ළඟට යන්න එපා දියබරියා කයි කියලාය. ඒ කතාවම මගේ බිරිදද මගේ දරුවන්ට කියනවා මං අසාගෙනය. ඒත් දන්නා තරමින් කිසිම දරුවෙකුට ඔය කියන දියබරියා කා නොමැත.

මෙයට සියවසකට පෙර ළිඳ වටා අවාරන්‍ය කර නොතිබුණි. විශාල ගැඹුරකින් යුත් පොලව මත සිට කනින ලද ආවාටයක් කනිනු ලැබුවේ මේ පොලව අභ්‍යන්තරයේ පිහිටි ජල මූලාශ්‍රයන් මතුකර ජලය ලබාගැනීම උදෙසාය. නිවසින් ඈත්ව පිහිටි මෙම ගැඹුරු සහිත කනින ලද ස්ථානය වටකර ශක්තිමත්ව වැටක්, බැම්මක් නොතිබුන කාලයේ කුඩා දරුවන්ගේ ජීවිත ළිං පතුල් වල සැගවී ගියේය. ඒ නිවසේ කනින ලද මේ ළිද නිසාය. නිවස අසල එවැනි ළිං සෑම ගමකම සෑම ඉඩකඩ ඇති නාගරික ප්‍රදේශ වල එදත් පැවතුන අතර අදත් පවතී. ළිං ගැන කථා කරන විට ජනප්‍රියම ළිං වන්නේ නාන ළිදය. ගමේ පොදු ස්ථාන වල කුඹුරු අද්දර පිහිටි මේ නොසිදෙන නාන ළිං පොදුවේ දිය නෑමට කාහටත් හැකියාව පවතී. වගා බිම් ආශ්‍රිතව ඉතා විශාල විෂ්කම්භයකින් යුත් ළිං තනයි. මේවා කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනී. සාමාන්‍යයෙන් නිවස අසල ඉදිකරන ළිඳ නිවසේ ජල අවශ්‍යතාව හා ගෙවතු වගාව සඳහා යොදාගන්නා අතර අද ඉතා ජනප්‍රිය වර්ගය වන්නේ නළ ළිං හෙවත් ඔමඉැ උැක ය. නිවසක් ඉදිකිරීම සඳහා භූමියක් මිලයට ගත් විගස බොහෝ දෙනෙකු කරන වැරදි ක්‍රියාවකි.

නිවසක් සඳහා සැලසුම සැකසීමට පෙරාතුව හා නිවස ඉදිකිරීමට අවම වශයෙන් නිවැරදි ස්ථානයවත් නොසිතා සිතූ මනාපයට ළිදක් කැපීඹ, ඉන් පසු නිවස ඉදිකිරීමට යාමේදී සිදුවන්නේ අර කථාවක් තියෙන්නේ එළුවගේ බෙල්ල හා මුට්ටිය යන දෙකම බේරාගන්නවා වැනි ක්‍රියාවකි.

මක් නිසාද මේක මගේ ඉඩම ලිඛිතව මාහට අයිති භූමිය කියා විශ්ව නීතියට පටහැනිව ක්‍රියාකල නොහැක. ළිඳක් කැපීම සඳහා වාස්තු විද්‍යාවේ නියමිත දිශාවන් පෙන්වා දී තිබේ.

සුදුසු දිශාව – ඵලාපල

  1. ඊසාන – සැපත
  2. නැගෙනහිර – ඉසුර
  3. උතුර – සැපත
  4. බටහිර – මධ්‍යස්ථයි

පංච ධාතූන්ට අනුකූලව ආපෝ ධාතුව හෙවත් ජලයට අයත් දිශාවන් වන ඊසාන දිශාව උතුරු දිශාව හා නැගෙනහිර දිශාවන් ළිං කැණීමට ඉතාම සුදුසු හා වාසනාවන්ත දිශාවන් වශයෙන් හැදින්වෙන අතර බොහෝ දෙනා බියට පත්වන බටහිර දිශාවද ළිං කැණීම සඳහා අශුභ නොවන බව පැවසේ. කෙසේ වුවද ඉහත ශුභ දිශාවන් වල පවා ඉදිකරන ළිද නිවසේ ප්‍රධාන උළුවස්සේ සිට බලන විට (180 කෝණය තුළ) එය අශුභ වේ. සෑම විටම ළිද ප්‍රධාන ද්වාරය ඉදිරිපිට සිට 180 තුල පෙනීම දර්ශනය වීම එම නිවසේ ධනය, නිරෝගීකම, මානසික පීඩාවලට ප්‍රභල හේතු වේ. එසේ පවතින ළිං ප්‍රධාන ද්වාරයට නොපෙනෙන ආකාරයට වටේ බිත්තියකින් ආවරණය කර ළිදට ඇතුල්වීමට දොරටුවක් දැමිය යුතුය.

ළිඳක් කැනීමට නුදුසු දිශාවන් 05 ක් පිළිබඳ වාස්තු විද්‍යාවේ පෙන්වා දේ.

තේජෝ බලය ක්‍රියාත්මක වන ගිනිකොන දිශාව, දකුණු දිශාවත්, පඨවි ධාතුව ක්‍රියාත්මක නිරිත දිශාවද වායෝ හෙවත් වායුවට අධිපති දිශාව වන වයඹ දිශාවද, ආකාෂ ධාතුවට අයත් මධ්‍යම දිශාවද ළිං කැණීමට ඉතා අශුභ වන අතර එවැනි දිශාවල ළිං කැණීම නිසා පහත විපාක ඇතිවෙන බවත් වාස්තු විද්‍යාවේ පෙන්වා දේ.

  1. ගිණිකොන දිශාව – පුත්‍රහානි
  2. දකුණු දිශාව – ස්ත්‍රී විනාශය
  3. නිරිත දිශාව – ගෘහ හිමියාගේ මරණය
  4. වයඹ දිශාව – සතුරු පීඩා
  5. මධ්‍යම දිශාව – ධන හානිය

දිශා නියමය පිළිබඳව වාස්තු විද්‍යාවේ නොයෙක් මත පවතී. නමුත් නැකැත් වදුල, මුහුර්ථ චින්තාමනිය, විශ්ව කර්ම ප්‍රකාශයේ වැනි ග්‍රන්ථවලද කරුණු උපයෝගිකර ගනිමින් හා අද්දැකීම් තුලින් ඉහත තත්ත්වයන් පිළිබද පෙන්වා ඇත. එම නිසා ඉතාම ශුභදායි ළිඳක් වන්නේ එය උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන්ට පමණක් තෝරා ගැනීම තුළිනි. ළිං කැපීමට හොදම කාලවකවානුව නම් ජනවාරි 14 සිට ජුලි 15 දක්වා කාලයයි. මෙය හැදින්වෙන්නේ උත්රායන කාලය වශයෙනි. මෙම කාල සීමාවේ හොද ජල උල්පත් ලැබෙන බව පැවසේ.

ජූලි 15 සිට ජනවාරි 13 දක්වා කාලය ජල උල්පත් සිදෙන හා මඟ හැරෙන කාලයක් බැවින් ළිං කැපීම එතරම් ශුභ නොවේ. ළිඳක් කැපීමට සුදුසු දිනයක් වන්නේ

සඳුදා – ජලය පිරේ

බදාදා – ජලය පිරේ

බ්‍රහස්පතින්දා – ජලය පිරිසිදුය

ළිඳක් කැපීමට නුසුදුසු දිනයන්

  1. අඟහරුවාදා – වැල් ඇතිවේ
  2. සිකුරාදා – ජලය අපිරිසිදු වේ
  3. සෙනසුරාදා – ජලය නොලැබේ

මාසයන් අනුව ළිඳක් කැපීමේදී ඇතිවන ප්‍රතිඵල

  1. බක් මාසය (අප්‍රේල්) – ධනලාභ
  2. වෙසක් (මැයි) – සම්පත්
  3. පොසොන් (ජුනි) – අමනුෂ්‍ය භය
  4. ඇසළ (ජුලි) – දුක්, කරදර
  5. නිකිනි (අගෝ) – සම්පත්, සැප
  6. බිනර (සැප්) – සතුරු බිය
  7. වප් (ඔක්) – රෝග පීඩා
  8. ඉල් (නොවැ) – දුක් පීඩා, කරදර
  9. උදුවප් (දෙසැ) – කීර්තිය, ප්‍රශංසාව
  10. දුරුතු (ජන) – වස්තු ලාභයන්
  11. නවම් (පෙබ) – බිය, රෝග
  12. මැදින් (මාර්තු) – දියුණුව

මේ අනුව ළිඳක් කැණීම සඳහා සුදුසුම මාස වන්නේ අප්‍රේල්, මැයි, අගෝස්තු, දෙසැම්බර්, ජනවාරි හා මාර්තු මාසයන්ය.

ළිඳක් කැණීම සඳහා හොද ඵලදායක භූමියක ස්ථානයක් තෝරාගැනීමට පුරාණයේ සිට භාවිතා කරන ක්‍රමයකි. කූප චක්‍රය නමින් හැදින්වෙන අටවිසි නැකැත් ඇතුලත් චක්‍රය ඒ තුලින් භූමිය තෝරා ගැනේ. එහිදී දිගට කොටු 07 ක් හා පළලින් කොටු 04 කින් යුතු චක්‍රයකින් ගණනය කර උදාවූ නැකත අනුව ඒ නැකතට අයිති ප්‍රදේශයේ ළිං කැපීමෙන් අධික ජල උල්පත් ඇති ස්ථාන සොයා ගැනේ.

සිකුරු ග්‍රහයා හිමි නැකැත්වලට අයිති ස්ථාවල රසවත් මිහිරි ජලයද ගුරුහිමි නැකැත් ඇති ස්ථානවල ඉතා පිරිසිදු ජලයද ලැබේ. මෙය උදය කාලය හා සවස් කාලය අනුව යොදාගෙන ගණනය කෙරේ.

තවත් එක් ක්‍රමයකි පොල් ඉරටුවක් අත්දෙකෙන් අල්ලා ගෙන තම ඉෂ්ට දේවතාවන් සිහිකරමින් භූමියේ ශුභ දිශාවල ගමන් කරන විට අතේ තිබෙන ඉරටුව පහතට වේගයෙන් දික් අතට හා පලල් අතට ගමන් කරන විට පහලට ඉරටුව වේගයෙන් කැරකී නැවතත් දිග පලල එකම ස්ථානයක මෙම කැරකෙන එකම ලක්‍ෂය තෝරා ලකුණු කර පොලව කැණීමේදී විශාල ජල උල්පත් ලැබේ. අද මෙන් නවීන තාක්‍ෂණ උපකරණ නොතිබුණ කාලයේ පටන්ම ඉතා ජනප්‍රිය ක්‍රමයක් වන ඉරට්ටෙන් ජල උල්පත් සෙවීම අදටත් භාවිතා කෙරේ.

නිවසක් අසල ළිඳක් කැණීමේදී නිවසේ මර්මස්ථාන 18 ක් මැඟහැර ළිඳ කැපිය යුතය. එම මර්මස්ථාන 18 නම් බිත්ති වලින් වැටෙන කෝණ 12 කි.

නිවසේ බ්‍රහ්ම පාදයේ මධ්‍ය රේඛාව ගමන් කරන නිවසේ මැද බිත්ති කැපෙන ස්ථාන 04 කි.

ඒ වගේම ජනෙල් මැද,හා උලුවහු මැද එකතුව 02 සමගින් ස්ථාන 18 කි.

ඒ වගේම නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ ඉවුරට ඇති දුර ප්‍රමාණයන්ද ශුභ හා අශුභ අගයන් වශයෙන් පවතී. රියන් 7, 13, 15, 23 පැවතීම ඉතා ශුභ වේ. ධනලාභ, කීර්ති ප්‍රශංසා, සියල්ල ඉටුවීම සිදුවේ. නමුත් රියන් 4, 5, 11, 30, 43 ආදි වුවහොත් විපත්, කරදර, පීඩා, අනතුරු ඇතිවේ.

රියන් 60 ට වඩා වැඩිවීම කිසිම දෙයකට ශුභ හෝ අශුභ ඇතිනොවේ.

ළිඳක් මොනම ආකාරයෙන්වත් ඉඩමේ ගිනි කතුර පිහිටි ස්ථානයේ කැණීම නොකල යුතුය. එසේ කිරීම ගෘහ මූලිකයාගේ විනාශයට හේතුවේ. ප්‍රේත පාදය තුලද ළිං නොකැපිය යුතුයි. වහලයේ මුදුන් යටලීය සෙසු යටලී, යටලී මූට්ටු ළිඳට සෘජුව එල්ල වීමද අශුභ දේ. ධන හානි මෙන්ම විවාහ ගැටලු, විවාහ බාධාවීම්, අනතුරු, ලෙඩ රෝග ඇති කරයි. නිවසට ඇතුල්වෙන කඩුල්ල කෙළින්ද ළිඳ පැවතීම අශුභ වේ. නිවස ඇතුලත සමහර නිවෙස් වල ළිඳ ඉදිකර ඇත. එයද අශුභ ප්‍රතිඵල ඇතිවේ. මේ කුමන ආකාරයක කූප දෝෂයක් වුවද ළිඳක් වසන්නේ නැතිව ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට දෝෂ නිදොස් කිරීමට වාස්තු විද්‍යාවේ ප්‍රතිකර්ම තිබේ. ළිඳක් ආවට ගියාට වසා දැමිය නොහැක. එසේ සිදුකල හැක්කේ ළිඳේ වතුර රැගෙන ගොස් බෝධි පූජාවක් තබා බෝධිය නාවා, පිරිසිදු වැලි වලින් ජල තට්ටුව අවසන් වනතුරු වසා දමා ඉන් පසු පිරිසිදු පස් වලින් වසා දැමීම තුළිනි. රොඩු, අපද්‍රව්‍ය දමා ළිඳක් වැසීම අශුභ වේ. ළිඳ මෙන්ම අද ජලය

ලබාගැනීමට ගසන නල ළිඳද දෝෂ සහිත නොවන ආකාරයට නිවසේ මර්මස්ථාන හසුනොවන පරිදි ඉදිකිරීම අත්‍යවශ්‍ය වේ. මෙම නල ළිං ක්‍රමය අඩු ඉඩකඩක වුවද ඉදිකල හැකිය. ඒවගේම ප්‍රධාන මාර්ගවල නිවාස ඉදිරිපට සවිකරන ජල මීටරයටද දෝෂයක් ළඟා නොවීමට නම් නියමිත දිශාව තුලම ජල මීටරය යෙදිය යුතුයි.

දියුණුව හා විනාශය ලබාදෙන කූපය හෙවත් ළිඳ

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment