පණික්කියාට හොරෙන් මාරු වුණ නයා

77

එක්තරා විශාල වනාන්තරයක බෝඩර් එකට කිට්ටුව ගෙයක් හදාගෙන නයි පණික්කියෙක් මෑන්ස්ගේ වයිෆ් කාරයක් එක්ක දෙදාසැ පන්සියකින් ජීවත් වෙන්න පුළුවන් සුපිරි ලයිෆ් එකක් ගෙව්වා ! ඉතිං මේ නයි – දේ හැමදාම උදේ පාන්දර නැගිටලා වයිෆ් කාරයාට වෙට්ටි එක හදාදීලා තියෙන මොනවා හරි දෙයක් බේර්ක් ෆස්ට් එකට අරගෙන නයි ඔලොගුවක් කරේ එල්ලාගෙන අහල පහල ගම්මානයකට හරි ටවුමට හරි පිටත් වෙලා ගිහිං වැඩ පටන්ගන්නවා. පනික්කියා නොහොත් මේ නයි දේ ගේ නයා පෙන්වන නයි නාඩගම් බලන්නට ගම්මානයේ නැත්තං ටවුමේ එවුන් පොරකකා රැස්වෙනවා. මිනිස්සු වැඩියෙන් රැස්වුණදාට නයි දේ ගේ ආදායම හොඳයි.! එහෙමදාට මෑන්ස් එන්නේ අනිවාර්යෙන්ම නාගලගම් වීදිය පැත්තේ පොට් එකකට ගිහිං නිගසලං වෙන්න ඉක්ෂුපාක අඩියකුත් පාවිච්චි කරලා. ඉතිං එක දවසක් නයි – දේ ගේ ආදායම නොහිතපු විදිහට ඉහළ ගියා. ඒ කියන්නේ ටුවරිස්ට් ලා ගැන්සියක් මේ සෙල්ලං බලාගෙන ඉඳලා මෑන්සට මාර විදියට සල්ලි දුන්නා. නොහිතපු විදිහට ආදායම ඉහළ ගිය හින්දා නයි – දේ කල්පානා කළා අද නාගලගම්වීදිය පැත්තේ නෙමේ – යනවා නයිවල පැත්තේ කියලා!

කොහොම හරි ඔන්න නයි පොලගුවක් කරේ දාගෙන මෑන්ස් ආවා නයිවලට! අතේ සල්ලිත් හොඳ හැටි තිබුණ හින්දා පාවිච්චි කෙරුවා පදමට ඉක්ෂුපාක! ටිකක් වෙලා යනකොට නයි – දේට උන්නු හිටිය තැන් අමතක වුණා! ඔලුව බමරයක් වගේ කැරකෙන්න පටන් ගත්තා. මෑන්ස් එතැනම වැටිලා නිදා ගත්තා.! කොහොමහරි අයියාට සිහිය ආවේ මහ රෑ! යකෝ නයිවල ඉක්ෂුපාකනේ ඉක්ෂුපාක!! තනිකර නයිවිෂ මනේ තියෙන්නේ!!! නයි -දේ ඔලුව කරකවලා බැලුවා නයිපෙට්ටිය කොහෙද කියලා! පේන තෙක් මානෙක නම්…… බඩු නේ මට පෙන්නේ මොකෙක් හරි පෙට්ටිය උස්සලා වගේ ! අත් දෙක වන වනා මෑන්ස් ගෙදර එන්න හදන කොට එතනට ආපු කුඩ්ඩෙක් !!! ඇතුලේ ඉන්නේ නයෙක් විත්තිය දැනගෙන පෙට්ටිය නයි – දේ ආපහු ගෙනත් දුන්නා. යාන්තම් පාන්දර වෙනකොට නයිදේ අමාරුවෙන් බඩගා ගෙන ආවා. ඉතිං ඔහොම සිද්දින් කාලය ගෙවිලා යද්දි හරි වැඩේනේ වුණේ එකපරටම උන්නු හිටි ගමන් ගෙදර හිටිය පනික්කියාගේ නයා අතුරුදන් වුණා! කොහොම හරි චාන්ස් එකක් ඇවිදින් ඌ මාරුවෙලා ගිහිං දැන් ඉතිං මොකා නටොලාද ගතම් එකක් හොයා ගන්නේ !!…….

අතේ පිච්චියකත් නැතුව මෙහෙම කල්පනා කර කර ඉන්න කොට දවසක් නරියෙක් පනික්කියාව දැකලා ටෝක්ස් එකක් දුන්නා.!

‘ඒයි…. මොකද බන් වුරෝ පට්ටන් ගහ ගෙන!

වයිෆ් කාරයවත් පැනලා!’

‘උඹ පිස්සු කෙලිනවා! මට වෙච්ච දේ දන්නේ මං විතරයි!!’ නයිදේ ෆුල් ස්ටොරියම නරිනිදුට කිව්වා සියල්ල සාවදානව අසා සිටි නයි – දේට සපෝට් එකක් දෙන්නට එකඟ වුණා!

හරි ! මට කියාපං ලොක්කා උඹ මේ නයාට හොඳට සැලකුවද?

‘උඹ මේ මරු කියෝනාවා ! මං ඕකට දවසකට බිත්තර විතරක් හතක් දුන්නා ! බබෙක් වුව වගේ නිදි කෙරුවේ – නයිලෝන් රෙද්දේ ඔතලා !!!! සැලකුව හරියට දරුවෙකුට වගේ’

‘හතක් දුන්නේ ඉන්දියන් බිත්තරද?’

යකෝ ත්‍වත්‍වදේශීය බඩු ෳ එක බිත්තරයේ හැත්තෑවට නැගලා තියෙද්දිත් මං ඕකට කෑම අඩු කලේ නෑ ඒ විදිහටම දුන්නා දැන් නං ඉතිං තිහට විතර ඉන්දියන් බිත්තර තියනවා කියන හින්දා ඕක හිටියා නම් දවසට දහයක් වුන්ත් දෙන්න පුලුවන්නේ ඒ විතරට උදේට හැන්වට කිරි විදුරුව ගානේ දුන්නා
මං මේ උඹ කියාපු හින්දයි මතක් කරන්නේ අනේ නයි – දේ පොඩ්ඩක් හොයලා බලාපන්කෝ තවම ඉන්දියන් කිකිලියෝ ගෙන්නේ නැද්ද කියලා ! එහෙම චාන්ස් එකක් තියනව නම් ත්‍වත්‍ව පොඩි ට්‍රයි එකක් දීලා මටත් ඉන්දියන් කිකිලියක් අරන් දෙන්න බලපං මන් නං හිතන්නෑ දැන්මම හයි ෆයි කට්ටිය බෙදා ගෙන ඇති ත්‍වගග මන් දැන් උඹට කිය කියා හිටියේ අරුට මම උදේට හැන්දැවට කිරි වීදුරුව ගානේ දුන්නා

ආන්න ආන්න උඹ වරද්දා ගත්තු තැන ත්‍වත්‍වමොන මෝඩයද යකෝ නයින්ට කිරි පොවන්නේ රෑ හරි ! ඒකත් එහෙමයි කියමුකෝ ත්‍වගග මං හිතාගෙන හිටියේ මූ හොදට කීකරුව හිටියා ලයිෆ් ඉන්ෂුරන්ස් එකකුත් දාලා දීලා නයි- ජීරියාව පැත්තේ ටේ්‍රනිං එකකට යවන්න අද ඔය කොල්ලො කෙල්ලෝ නටන නයි- නැටුම් ටිකක් උගන්නන්න ඔය අතරෙදි වත්ත පහළ පැත්තේන් ගිය තව නයෙක්ව අල්ලලා මං ගෙදර තියා ගත්තා මු හදිසියේ වත් වළ කජ්ජ ගැහුවොත් ත්‍වත්‍වග ස්ටැන් බයි ත්‍වත්‍වග වැඩට දාගන්න ! මට කේන්ති බන් ඌවත් අරගෙනනේ මූ මාරු වෙලා තියෙන්නේ ! ඒ විතරක් නෙවෙයි මගේ නලාවත් උස්සාගෙන ගිහිල්ලනේ ත්‍වත්‍ව මං හිතන්නේ ඕකා යන්නට ඇත්තේ ස්ටැන්ඩ් බයි එකෙක් ගත්තු ඔරොප්පුවට !

‘ආන්න …… උඹ කරපු බරපතළම වැරුද්ද ! කවුද යකෝ …….. අහක යන නයි ස්ටැන්ඩ් කියලා හරි ගෙනල්ලා තමන්ගේ රෙද්ද අස්සේ දාගන්නේ !!…….’

‘අනේ නරිනිදු මාව නන්නත්තාර වෙලා බන් ඉන්නේ….. මට පොඩ්ඩක් ඔලුව උස්සාගන්න මොකක් හරි සපෝට් එකක් දීපන් බන් !’ පණික්කියා නරිනිදුට පිංසින්ඩු වුණා ! මේවා බරපතළ විදිහට විෂවෙන වැඩ! නමුත් උඹ අහළ පහළ මිනිහනේ ඒ වුණත් ලොක්කා නිකං නං බෑ….. ඌඹ මට කීයක් ගෙවනවද?’

‘දෙන්නං ඌඹට හින්දා පන්සීයයක්ම !’ හෙහ් පන්සීයයක්? ! ඒ ගානට මං ඌඹට ගෙනත් දෙන්නං ඇහැටුල්ලෙක් !’

‘ එහෙම කරන්න එපා මස්සිනා මේ වෙලාවේ මං ඉන්නේ මණ්ඩියට හිදිලනේ ….. බා!!! පොඩි සපෝට් එකක් දීපන් !’

‘හරි හරි උඹ අඩනවනේ ! දීපන් ඌඹේ පන්සීය ! හෙට උදේට ලයින් එකේ යන්න ලෑස්ති වෙයං ….. මං හැන්දැවට මුචලින්ද නාගරජායා වගේ නියම සයිස් භාණ්ඩයක් අරං එන්නං …..’ යැයි කිවූ නරියා ෆොක්ස් හිල් පැත්තට මාරු වුණා !

‘කිව්ව පරිදි එදා හැන්දැවෙම නරියා තරමක් ලොකු පෙට්ටියකුත් අරගෙන පණික්කියා මුණගැහෙන්න ආවා.

‘මේන්න ! නියම භාණ්ඩයක් !! මේවා දැකපුවාම ටවුමේ එවුන් ගුල් පිට්වෙලා යයි ! බලාපං හෙට උඹේ බිස්න්ස් කොහොමද කියලා මූට ඩයට් එකට. මූට ඩයට් එකට උඹ ඔය ඉන්දියන් බිත්තර නම් දෙන්න යන්න එපා …… මූට කැමැති නෑ ඉන්දියන් බඩු වලට ……… පුළුවන්නං මීයෙක් දෙන්නෙක් දෙන්න ට්‍රයි කරපං කොස් ඇට මීයෙක් වුණත් කමක් නෑ’ ඊයේ ඩයට් මෙනු එක ගැනත් සඳහන් කළ නරිනිදු අඳුරේම අතුරුදන් වුණා !

‘පහුවුදා පාන්දරම නරියා ගෙනවිත් දුන් පෙට්ටියත් අරගෙන පණික්කියා බිස්නස් ටුවර් එකේ ගියා!. පෙට්ටිය නයා නටවන්න පටන්ගත්තා සෙල්ලං බලන්න රැස්වෙච්ච එවුන් පණික්කියාට කිණ්ඩිය දාන්න පටන් ගත්තා !

‘ඒයි කෝ …… යකෝ මූගේ පෙනේ ! දැන් උඹලා අපිට නයි කියලා ගැරඬිත් පෙන්වනවද’ !!….. කෝ මේකගේ ඔලුවේ පයන්න. ඕකව පෙන්නාපිය ගිහිං අර සුපිරි බංගලාවල ඉන්න නයි ගැරඬි අදුනැන්නේ නැති, දවස පුරාම සෝබනේට නයි අදින නෝනලාට’

රැස්වූ මිනිස්සු එහෙන් මෙහෙන් දොස්මුරේ දාද්දි කරන්න කියන්න දෙයක් නැතිවුණ පණික්කියා වහ වහා පෙට්ටියක් අරගෙන ගෙදරට මාරු වුණා

නරියා කරපු කසඩ වැඩේට දෙන්නංකෝ ඕකට ‘චිකන් ෆොක්ස් හැදෙන්න ගේමක්’ කියලා මග බලා ගෙන හිටියා

දවස් දෙක තුනකට පස්සේ පණික්කියාට නරියා මුණ ගැහුණා,!. මල පැනලා හිටිය පණික්කියා නරියාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා !’

යකෝ තෝ මාවත් ඇන්දුවා නේද පණික්කියා කේන්තියෙන් වෙවුලමින් නරියාගෙන් ඇහුවා ! ‘අන්දන්න මොනවටද අන්දන්නේ … යකෝ අද කාලේ රුපියල් පන්සියකට ගැරැඬියෙකුට වැඩිය යමක් ගන්න බෑ …. ඌඹ ඔය හිතන ජාතියේ නයෙක් ගන්න නම් රුපියල් විසිපන්දාහක්වත් යයි ගෙවුපුගානේ හැටියට තමයි භාණ්ඩේ !!!’යි කිවූ නරියා පණික්කියාගේ අත ලිහිල් වෙද්දිම කැලෑවට පැන්නා.

ආදර්ශය : දැන් කාලේ නයා ගැරඬියා වුණත් ලැබෙන්නේ ගෙවන ගානේ හැටියටය!!!…..

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment