අති සාර්ථකව පැවැත්වෙන සුජය, BOC රන් කැකුළු Smart, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවෙන්…

39

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ උදාර සංකල්පයක් අනුව ආරම්භ වු පහේ ශිෂ්‍යත්ව විභාගය වර්තමානයේ කඩඉම් විභාගයක් බවට පත් වී හමාරය. කෙසේ හෝ ශිෂ්‍යත්ව විභාගයෙන් ජයකෙහෙළි පෑම දරුවන්ගේද මුඛ්‍ය අරමුණක් බවට පත්ව ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ ශිෂ්‍යත්ව පුවත්පතක් වන සුජය ශිෂ්‍යත්ව පුවත්පත 2010 වර්ෂයේ සිට 5 වසර හපන්නු වෙනුවෙන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක් දීප ව්‍යාප්තව ආරම්භ කළේය. සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව වසර ගණනාවක් අඛණ්ඩව සිලෝන් චොක්ලට් සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් අති සාර්ථකව දැනුමින් පිරිපුන් දරු පරපුරක් ලෝකයට දායාද කිරීමට සමත් විය.

රට තුළ උද්ගත වු කොවිඩ් ව්‍යසනය හමුවේ තවකාලික විරාමයක් ලැබු සුජය කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව නව මුහුණුවරකින්, නව ජවයකින් 2023 වර්ෂයේ සිට නැවත දීප ව්‍යාප්තව ආරම්භ විය.

2023 වර්ෂයේ ජනවාරි 19 දින තලාව පැනසර ප්‍රාථමික විද්‍යාලයේ ආරම්භ වු පළමු සුජය, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පිළිවෙළින් පදවිය අභයරාජ ප්‍රාථමික පාසල, කුලි/ හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, කුලි/ කොළඹගම විමලසීල මහා විදුහල, පු/ තලවිල ශාන්ත ආනා මහා විද්‍යාලය, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්බලන්ගොඩ ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලය, ග/ කිරලගොල්ල ප්‍රා.වි, සුරියවැව නගර ශාලාව, සෙවණගල මහගම ආදර්ශ ප්‍රා. වි, මිනු/ දේවරක්ෂිත ආදර්ශ ප්‍රා.වි, බිබිල ඌව විජය විද්‍යාලය, මො/ නිශ්ශංක ප්‍රා.වි, අඹගමුව ආදර්ශ ප්‍රා.වි, කු/ ආරක්ෂක සේවා විද්‍යාලය ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක් ආවර්ණය කරමින් අති සාර්ථක අයුරින් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පැවති මෙහොතක අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරුපරපුරක් බිහි කිරීමට පුරෝගාමීව කටයුතු කරන සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මේ ප්‍රජා සත්කාරයට යෝධ ශක්තියක් වෙමින් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව අත් වැල් බැඳගැනීම තවත් සුවිශේෂි කඩඉමකි. මේ සඳහා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමනාකාර (ශාඛා මෙහෙයුම්) ප්‍රියාල් සිල්වා මහතා, ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ලියනගේ මහතා, සහකාර මහා කළමනාකරු (අලෙවි) බුද්ධික ප්‍රේමරත්න මහතා, කළමනාකාර (අලෙවි) ජගත් හිරිපිටිය මහතා, ප්‍රධාන කළමනාකාර- හිටපු (අලෙවි) රංජිත් ජයතිලක මහතා, සන්නාම කළමනාකාර රංග ප්‍රනාන්දු මහතා ඇතුළු ලංකා බැංකු කාර්ය මණ්ඩලයේ සියළුම සාමාජකයින් මේ මහඟු‍ සත්කාරයට කැප වෙමින් කටයුතු සිදු කරයි. මේ වන විට සම්මන්ත්‍රණ 40ක් දීප ව්‍යාප්තව පවත්වා ඇති අතර, ලබන ඔක්තෝම්බර් දක්වා ඉදිරි සම්මන්ත්‍රණද පැවැත්වීමට සියලු‍ කටයුතු සුදානම් කර ඇත.

අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීමට නොහැකි වුවත් අධ්‍යාපනය යනු සරලව ගත් කළ යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්විම හා ඉගෙනගැනීමයි. මේ සඳහා කදීම නිදසුන් පාමින් දිවයිනේ දක්ෂතම ඇදුරු මඩුල්ලක් යටතේ පවත්වනු ලබන BOC රන් කැකුළු, කැන්ඩොස් සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 5 ශ්‍රේණිය විෂය නිර්දේශයට අනුව සැකසුනු ප්‍රශ්න පත්‍රයක්ද සමඟින් දරුවන්ගේ නැණ නුවණ, මානසික නිදහස ද මූලික කරගෙන පවත්වනු ලබයි. බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය යනු දෙමාපියන්ගේ විභාගයක් යන්නය. දරුවන්ගේ දැනුම වැඩීමට අමතරව ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට එහා යමින් සමාජ සත්කාරයක් වශයෙන් දෙමාපිය දැනුම්වත් කිරීමේ දේශණ මාලාවක්ද ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණවලට සමගාමීව පැවැත්වීම මෙම සම්මන්ත්‍රණ මාලාවේ ඇති තවත් විශේෂ්‍යත්වයකි.

අති සාර්ථකව පැවැත්වෙන සුජය, BOC රන් කැකුළු Smart, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවෙන්…

සටහන මල්මි රාජපක්‍ෂ
ඡායාරූප සුජාතා ජයරත්න- ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment