වෙඩි තැබීමකින් තිදරු පියෙක් මරුට

417


මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයේ වෙඩි තැබිමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවකු වන තිදරු පියකු වු 56 හැවිරිදි අධිකාරි මුදියන්සේලාගේ මැණික්රාල අධිකාරි නැමති අයකි.

වෙඩි තැබිමට සම්බන්ධ අය වෙඩි වැදිමට ලක්ව මරණයට පත් ඉඩම් හිමි වැවිලිකරු සමග වසර තුනක පමන කාලයක සිට ඉඩම් ආරවුලක් තිබි ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබිම කළ 43 හැවිරිදි අවිවාහක පුද්ගලයා මහකුඹුක්කඩවල පොලිසිය මගින් අත් අඩංගුවට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment