සති අන්තයේ ශ්‍රී පාදයට වැඩිම බැතිමතුන්

245


මෙවර සති අන්ත නිවාඩුවට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානය බලා ලක්ෂයකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත විජේසේකර මහතා පැවසීය.
මෙවර වන්දනා සමය දෙසැම්බර් මාසයේ ආරම්භ වීමෙන් පසුව වැඩිම වන්දනාකරුවන් පිරිසක් ගෙවුණු සති අන්තයේ පැමිණි බව පොලීසිය පවසයි.
පසුගිය සිකුරාදා පස්වරුවේ සිට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද මළුවේ සිට රතු අම්ඹලම ප්‍රදේශය දක්වා දැඩි තදබදයක් පැවති බවත් තමන්ට පැය ගණනක් එකම ස්ථානයක රැඳී සිටීමට සිදුවුණ බවත් වන්දනාකරුවෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment