පුරවර උදානය කැන්සල්

220


අනුරාධපුර මහ නගර සභාව මගින් පොසොන් උත්සවය සමයේ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙලේ පාසැල් පිහිටි ප්‍රදේශයේ පිහිටි වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේදී ලබන මැයි මස 04 වෙනිදා සිට පැවැත්වීමට කටයතු කර තිබු පුරවර උදානය සැණකෙළිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන බැවින් වහාම නතර කරන්නැයි උතුරුමැද පළාත් වැඩබලන ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා අද (29) නියෝග කොට තිබේ.

මෙම පොසොන් සැණකෙළිය පැවැත්වීම නිසා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් බලවත් පිඩාවන්ට පත්වන බවට අනුරාධපුර අටමස්ථානාධිපති අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ගුරු දෙගුරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් විසින් දැඩි විරෝධයක් එල්ල කොට තිබෙන බවට මාධ්‍ය මගින් තොරතුරු රටට හෙළි කර තිබු බවත් ඒ සම්බන්ධයෙන් තම ස්තුතිය පල කරන බවත් වැඩබලන ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment