ඉංජිනේරු වර්ජනයත් සමග ලක්‍ෂපානත් නවතී

309

මෙගවොට් 340 ක් ජාතික පද්ධතියට අහිමි වෙයි

විදුලි ඉංජිනේරුවන් ආරම්භ කළ වැඩවර්ජනයත් සමග ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ලක්‍ෂපාන බලාගාරය පැය ගණනාවක් අක්‍රීය කර තැබීමට වර්ජනයේ නිරත විදුලි ඉංජිනේරුවන් කටයුතු කර ඇත.

මෙලෙස ලක්‍ෂපාන බලාගාරය අක්‍රීය කිරීමට පියවර ගෙන ඇත්තේ කිසිදු අවසරයකින් තොරව වන අතර ඒ අනුව ඊයේ පෙරවරුවේ සිට මෙගවොට් 340 ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වී තිබේ. ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලිය බිඳවැටීම් සිදුවීමට මෙම තත්ත්වය ඍජුවම බලපෑ අතර පැහැදිලිවම මෙය බරපතළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර වර්ජනයේ නිරත විදුලි ඉංජිනේරුවන් ඊයේ පෙරවරුවේ රන්ටැඹේ ජලවිදුලි බලාගාරයට අයත් රන්ටැඹේ ජලාශයේ ස්පිල් කොටසින් නිකරුණේ ජලය පහතට ගලා යෑමට සලස්වා ඇතැයි ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

පසුගිය කාලයේ ඇතිවූ විදුලි අර්බුදයත් සමග ජල විදුලිය උත්පාදනය හේතුවෙන් පතුළටම හිඳී තිබූ රන්ටැඹේ ජලාශයට යම් ප්‍රමාණයක් ජලය එක්වී තිබුණේ මෑතක සිට ඇදහැලෙන වැසි තත්ත්වයත් සමගිනි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment