ෆොන්සේකා නෙරපීම වළක්වමින් සජබට පැනවූ වාරණය දික් කරයි

94

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරය, කැලණිය සංවිධායක ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (04දා) නියෝග කළේය.

එම නඩුව ඊයේ පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වන සමගි ජනබලවේගය පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක හා භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ වනවිටත් නිකුත් කර ඇති වාරණ නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment