රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් කරනවා – ජනාධිපති

236

රජය සතු සංස්ථා සියල්ල සමාගම් බවට පත් කරන බවත් එම සියලු සමාගම් කොටස් එක් ප්‍රධාන සමාගමකට භාර කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘වට්ස් නිව්’ තරුණ නීති වෘත්තිකයන් සමග නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පැවැති කතිකාවකට එක්වෙමිනි.

රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා රටේ ක්‍රියාත්මක යල්පැනගිය නීති වෙනුවට සෑම සියලු ක්‍ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි නව නීති සම්පාදනයකට කාලය එළැඹ ඇති බව ද අවධාරණය කළේය.

රට තුළ සිදුකළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ගෙවීගිය මාස 14 ක කාලසීමාව තුළදී නව නීති 42 ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බව ද තවත් නීති 62 ක් ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත බව ද කියා සිටි වික්‍රමසිංහ මහතා දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවත්, වර්තමානයේ ක්‍රියාත්මක වෙළෙඳ කලාප මෙන්ම අලුතින් පිහිටුවන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙන බවත් පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment