එස්.පී.සී. නව සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්

65

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස, පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගෙන තිබේ.

නව ඖෂධ සංස්ථා සභාපතිවරයා අද (17දා) දිනයේ සිට ධුරයේ වැඩභාර ගැනීමට නියමිතය. ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති සරත් ලියනගේ මහතාට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment