විදුලි බිල 21.9% කින් පහළට – උපයෝගිතා කොමිසම ලංවිමට දන්වයි

140

විදුලි බිල අද (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට 21.9% කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇත. නව විදුලි බිල සංශෝධනයත් සමග ඒකක 0 සිට 30 දක්වා 33% ක්ද, ඒකක 31 සිට 60 දක්වා 28%ක්ද, ඒකක 61 සිට 90 දක්වා 30% ක්ද, ඒකක 91 සිට 180 දක්වා 24%ක්ද හා ඒකක 180 ට වැඩි 18% ක්ද ලෙසින් විදුලි බිල අඩුකිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී ඇත.

ඒ අනුව ඒකක 30 ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අය කරන රුපියල් 12 ක ප්‍රමාණය රුපියල් 8 දක්වා අඩුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එය සියයට 33.3 ක අඩුවීමක් බව මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දෙයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තුව සියයට 20 කින් පහළ දැමීමට කටයුතු කර ඇත. එසේම ඒකක 60 ත් 90 ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30 කින් පහළ දැමීමට කටයුතු කර ඇත.

විදුලි බිල 21.9% කින් පහළට - උපයෝගිතා කොමිසම ලංවිමට දන්වයි

advertistmentadvertistment
advertistmentadvertistment