ගාලු කොටුවට එන විදේශිකයන්ගෙන් ඩොලර් 15 ක් අය කිරීමට එරෙහිව විරෝධය

129

ගාලු කොටුවට පැමිණෙන විදේශිකයන්ගෙන් ඩොලර් 15ක් අය කිරීමට ගාලු උරුමය පදනම ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් කොටුව පදිංචිකරුවෝ සහ ව්‍යාපාරිකයෝ කොටුවේ සියලුම මාර්ගවල සහ ගොඩනැඟිලිවල කළු කොඩි එසවීමෙන් ද මෝටර් රථවල පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ද ඊයේ සිට විරෝධය පළ කිරීමට පටන්ගෙන ඇත.

ගාලු කොටුව අපි සංවිධානයේ කැඳවුම්කරු නසාර් හුසෙන් මහතා පැවසුවේ මෙය ඉතාමත් අසාධාරණ තීරණයක් වන අතර මේ නිසා කොටුවට සංචාරකයන් පැමිණීම නතර කරන බවය.
අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment