බෝම්බය ලග තබාගත් කොල්ලා අල්ලයි

705


ජාඇල ඒකල රජමාවතේදී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් ලග තබාගෙන සිටි 23 හැවිරිදි තරුණයෙකු ඊයේ 17 දින සවස සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් දීර්ග ලෙස ප්‍රශ්න කිරිමේදී පසුගිය මාස කිපය තුල ඔහු විසින් සොරකම් කරණ ලද යතුරු පැදි 9 යක් සහ ත්‍රිවිල් රථයක් ද අත්අඩංගුවට ගතහැකිවු බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති 23 හැවිරිදි සැකකරු සමග ඔහු විසින් සිදුකරණ ලද වාහන සොරකම් වලට අනුබල දුන් ඔහුගේ 56 හැවිරිදි මවද හොර යතුරු පැදි මිළදි ගත් 33 හැවිරිදි ගැනුම් කරුවෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පන්නල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ජාඇල උදම්විට ප්‍රදේශයේ නිවෙසක් ලොකු මුදලකට කුලියට ගෙන තම මවගේ ආධාර අනුබල ඇතිව සොරකමේ යෙදි ඇති බව විමර්ශන කටයුතු වලදි හෙලිවු බවද පොලිසිය සදහන් කරයිගසැකකරුගෙන් හොර භාන්ඩ මිලට ගත් ජාඇල 33 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment