විදෙස්ගත ශ‍්‍රමිකයන් මාර්ගයෙන් ශී‍්‍ර ලංකාවට රත‍්‍රං ගෙන ඒමේ ජාවාරමක්… කෝටි 3කට අධික රත‍්‍රං රේගු දැලේ

260

විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදල් බැංකු වෙත නොදමා ඒ වෙනුවට ඔවුන් මගින් රන් බිස්කට් හා රන් ආභරණ මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ශ‍්‍රී ලංකා රේගුව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව පසුගිය ජූලි මාසයේදී නීති විරෝධී ආකාරයට මෙරටට රැුගෙන ඒ්මට තැත් කළ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් හා රන් ආභරණ අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සමත්වී තිබේ.

මෙලෙස රේගු අත්අඩංගුවට ගත් රන් බිස්කට් හා රන් ආභරණ කිලෝ දෙකහමාරකට අධික බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් මැද පෙරදිග ගෘහ සේවයට ගොස් නැවත පැමිණෙන ශ‍්‍රමිකයන් මෙලෙස නීති විරෝධී ආකාරයට රන් බිස්කට් හා රන් ආභරණ පැළැ`ද පැමිණීමේදී රේගු අත්අඩංගුවට පත්වී ඇති අතර මෙය ජාවාරම්කරුවන්ගේ කූට ව්‍යාපාරයක් බවට පත්වී ඇතැයිද රේගුව සැකකරයි.

මෙලෙස රන් භාණ්ඩ රැුගෙන එන්නන්ට ජාවාරම්කරුවන් විසින් යම් කොමිස් මුදලක් ලබා දී ශ‍්‍රී ලංකාවේදී ඔවුන්ගෙන් ලබා ගන්නා බවත්, මෙමගින් සිදුවන්නේ රට විරුවන් සොයන මුදල් මෙරට බැංකු පද්ධතියට නොලැබීම බවත් රේගු ආරංචි මාර්ග කියා සිටී. විදේශ කටයුතු අමාත්‍යංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා රට විරුවන් යොදාගෙන සිදුකරන මෙම අලූත්ම ජාවාරම නැවැත්වීමට කටයුතු නොකොළහොත් රටේ බැංකු වෙත විදේශ මුදල් නොලැබී යෑමට වැඩි කලක් ගත නොවනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment