කෝටි ගණනක නිර්වින්දන උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිරයි

33

රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් නිර්වින්දන උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දිරාපත්වෙමින් පවතින බවට ‘දිවයින’ට වාර්තා වේ.

රෝහල් පද්ධතියට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පුද්ගලික ලාබ ලබාගැනීමේ අරමුණින් මෙම ශල්‍ය උපකරණ, නිර්වින්දන උපකරණ ඇතුළු යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියත් උල්ලංඝණය කරමින් බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මිලදී ගෙන ඇති උපකරණ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ඇති බැවින් එම උපකරණ භාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයන් තුළ දිරා යමින් පවතින බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් හා ඉහළ නිලධාරීන් ද දැනුවත් කර මීට වගකිව යුතු ජෛව විද්‍යා ඉංජිනේරු ඒකකයේ අතිරේක ලේකම්වරුන් සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි ගොනුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ගේ ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment