ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද ඉන්දියාවට එරෙහිව ආසියානු කුසලාන සටන අරඹති

143

2022 ආසියානු කාන්තා කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ දෙවන තරගය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද ප.ව. 1.30ට තරග වැදීමට නියමිතය.

තරගාවලිය අද සිට ලබන 17 වැනිදා දක්වා පැවැත්වේ.

පසුගිය වර ශූරතාව හිමිකරගත් බංග්ලාදේශය මෙවර තරගාවලියේ සත්කාරක අයිතිය දරන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය පාකිස්තානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලිය සඳහා එක්ව සිටින සෙසු කණ්ඩායම් වේ.

චමරි අතපත්තු ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියට සහභාගිවීම සඳහා පසුගිය 27 වැනිදා එරට බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යාංගනා, ඔෂධී රණසිංහ, මල්ෂා ෂෙහානි, මදුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි.

advertistmentadvertistment
advertistmentadvertistment