ඉයන් චණ්ඩමාරුතය ඇමරිකාවේ ෆ්ලොරිඩා බොක්කට කඩාවදී: 13 ක් මරුට

170

ලක්‍ෂ 23 කට විදුලිය අක්‍රීය වෙලා

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශය හරහා හමා ගිය ඉයන් චන්ඩ මාරුතය සමග සුනාමියක් ඇතිවීමෙන් 13කට අධික පිරිසක් මරුමුවට පත්වී ඇත.

මෙම සුනාමිය ඇතිවූයේ භූචලනයකින් නොව වෙරළ ආශ්‍රිත ජල ප්‍රවාහවලිනි.

ඉයන් චන්ඩ මාරුතය පැයට සැතපුම් 421ක වේගයෙන් පැමිණි බව වාර්තා විය. වෙරළාරක්‍ෂක ජැටිද සුනුවිසුනු කරමින් පැමිණි ඉයන් චන්ඩ මාරුතය ෆ්ලොරිඩා බොක්ක හරහා හමා ගොස් තිබේ. ඇමරිකානු ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් 700කට අධික පිරිසක් බේරාගෙන ඇත. ඇමරිකානු මාධ්‍ය පැවසුවේ ලක්‍ෂ 23කට විදුලි බලය අහිමි වී ඇති බවයි. වසර 100කට පසු පැමිණි මෙම චන්ඩ මාරුතය නිසා ෆ්ලොරිඩා ප්‍රදේශයට බරපතළ ව්‍යසනයකට මුහුණ දීමට සිදුවී ඇත. ඇමරිකානු බලධාරීන් කල්තියා කළ අනතුරු ඇගවීම නිසා ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ගලවා ගැනීමට හැකි වී ඇත.

ඉයන් චණ්ඩමාරුතය ඇමරිකාවේ ෆ්ලොරිඩා බොක්කට කඩාවදී: 13 ක් මරුට
ඉයන් චණ්ඩමාරුතය ඇමරිකාවේ ෆ්ලොරිඩා බොක්කට කඩාවදී: 13 ක් මරුට

චන්ඩමාරුතය ඒමට පෙර ෆ්ලොරිඩා ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබිණි.

ඉයන් නිසා ෆ්ලොරිඩා ජැටිය ද මුහුදට ගසාගෙන ගොස් ඇත. මේ අතර නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ මියගිය සංඛ්‍යාව වැඩි වී ඇති බවය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment