පවුල් ආරවුල දුරදිග ගිහින් හැටපස් හැවිරිදි මාමාගෙන් බෑණාට වෙඩි

75

කතරගම රජ මාවත ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සිය 39 හැවිරිදි බෑණාට ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ඔහුගේ 65 හැවිරිදි මාමණ්ඩිය ගිනිඅවිය සමග කතරගම පොලිසිය විසින් ඊයේ (28 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම රජ මාවත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු හා සැකකරුගේ බෑණා අතර කලක් තිස්සේ පවුල් ආරවුලක් තිබී ඇති අතර එය දුරදිග යෑමෙන් කෝපයට පත් මාමණ්ඩිය විසින් සිය බෑණාට වෙඩි තැබීම සිදුකර ඇති බවත්, මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුව නැති අතර වෙඩි ප්‍රහාරයෙන් නිවසේ වහලයට පමණක් හානි සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් 39 හැවිරිදි බෑණා විසින් කතරගම පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සැකකාර මාමණ්ඩිය සහ වෙඩි තැබීමට යොදාගත් බව කියන බෝර 12 වර්ගයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් ගිනිඅවිය සැකකරුට අයත් වගා ආරක්ෂා කර ගැනීම සඳහා බලපත්‍ර සහිතව නිකුත් කර තිබූ ගිනි අවියක් බවද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත් සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment