ආනයනික අර්තාපල් බද්ධ දිගු වෙයි

61

ආනයනික අර්තාපල් සඳහා පනවා තිබූ රුපියල් 50 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ තවත් මාස හතරකින් දීර්ඝ කර තිබේ.

පසුගිය මාර්තු 08 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට පෙර මාස හයකට බලපැවැත්වෙන පරිදි ආනයනික අර්තාපල් බද්ධ පනවා තිබුණි.

පසුගිය 08 වැනිදා එම කාල සීමාව අවසන් වුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයා ලෙස යළිත් වරක් මාස හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි එම බද්ධ පැනවීමට කටයුතු කර තිබේ.
චමින්ද සිල්වා, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment