81 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රීය මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත් විණි. මේ සඳහා සුප්‍රකට නළු නිළියන් මෙන්ම ලොවම ආදරය කරන ගායික ගායිකාවන් මෙම සම්මාන රාත්‍රියට සහභාගි වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් පසුගිය වසරේ හොලිවුඩයේ නළු නිළියන්ට සිද්ධ වුණු අසාධාරණය වෙනුවෙන් කළ වැඩ වර්ජනයෙන් පසු පවත්වන විශාලතම සම්මාන රාත්‍රිය මෙය බව සංවිධායකවරු පවසති.

මෙහිදී oppenheimer චිත්‍රපටයට මෙම සම්මාන රාත්‍රියේ දී ප්‍රධාන සම්මාන පහක් දිනා ගැනීමට හැකි විය. ඒ අතර Best Drama ලෙස oppenheimer, Best Actor, Drama Cillian murphy, Best Supporting Actor, Christophe Nolen, Best Original Score oppenheimer යන සම්මාන හිමිකර ගත්තේ Box Office වාර්තා අතරට එක්වූ Barbie චිත්‍රපටය ද අබිබවමිනි.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියේ දී oppenheimer ට සම්මාන රැසක්

පසුගිය වසරේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ Barbie චිත්‍රපටය ප්‍රථම වරට හඳුන්වාදුන් කාණ්ඩයක් වන Golden Globes Cinematic and Box Office Achievement සම්මානයට පාත්‍ර විය. ඊට අමතරව Best Original Song What Was I made for, barbie ට ද සම්මාන හිමි විය.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියේ දී oppenheimer ට සම්මාන රැසක්
ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියේ දී oppenheimer ට සම්මාන රැසක්
ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියේ දී oppenheimer ට සම්මාන රැසක්
ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියේ දී oppenheimer ට සම්මාන රැසක්
advertistmentadvertistment
advertistmentadvertistment