අධික වර්ෂාවෙන් නිවසේ බිත්තියක් කඩා වැටී එක් දරු මව ජීවිතක්‍ෂයට

196

සිඟිති දියණිය සහ ස්වාමියා හිඟුරක්ගොඩ රෝහලෙන් පොළොන්නරුවට

පවතින අධික වර්ෂාවත් සමගම හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මින්නේරිය අක්කර 70 නෙල් මාවතේ පිහිටි නිවසකට බිත්තියක් කඩා වැටී අවුරුදු 23 ක් වයසති එක් දරු මවක් ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කේ. ජී. තෂිලා සමෝජනි නැමති අවුරුදු 23 මවකි. අධික වර්ෂාවත් සමග බිත්තිය කඩා වැටී බරපතළ තුවල ලබා කාන්තාව මියගොස් ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.

ඇගේ වයස අවුරුදු එක හමාරක් පමණ කුඩා දියණියද, වයස අවුරුදු 26 ක්වූ ස්වාමි පුරුෂයා ද තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

හිඟුරක්ගොඩ පොලිසියේ මූලස්ථාන වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.බී. පුෂ්ප කුමාර මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වති. දින ගණනාවක් තිස්සේ පවතින අධික වර්ෂාව නිසා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට මෙම පවුලට සිදු වී ඇත. තුවාල ලබා ඇති ස්වාමි පුරුෂයා පින්තාරු ශිල්පියකු ලෙස රැකියාව සිදු කරන අයකු වේ.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment