බිනුර ආපසු දිවයිනට – තිදෙනෙක් ඔස්ටේ්‍රලියාවට

440

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ ආබාධ ලැයිස්තුව ඉහළ නංවමින් ඔස්ටේ්‍රලියාව සමග පෙරේදා (25 වෙනිදා) දින පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද ඉදිරියේ දී පෙරළා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

එම තරගය අතරතුරදී පිටකොන්දේ ආබාධයකට ලක් වූ බිනුර ප්‍රනාන්දුගේ තත්ත්වය පිළිබඳව ඊයේ සිදුකරන ලද පරීක්ෂණවලින් අනුව එම තීරණයට එළැඹ ඇති අතර මෙම ආබාධය හේතුවෙන් මෙයට පෙරද තරගාවලි කීපයක්ම බිනුරට අහිමි වී ගියේය.

බිනුර ආපසු දිවයිනට - තිදෙනෙක් ඔස්ටේ්‍රලියාවට

පෙරේදා පැවති තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ බිනුරට ක්‍රියාත්මක කළ හැකි වූයේ පන්දු 5ක් පමණි. ඒ සමගම ඇති වූ කොන්දේ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකාවට වේග පන්දු යවන්නකුගේ සහාය අහිමි වී ගිය අතර තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ 4 වෙනි ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නා බිනුර වේ.

තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ටේ්‍රලියාව බලා ගිය ශ්‍රී ලංකා සංචිතයේ සිටි වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ කලවයේ ආබාධයක් හේතුවෙන් පළමුව ආපසු මෙරටට හරවා එවීය. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම වේග වේගපන්දු යවන්නා වූ දුෂ්මන්ත චමීර ද ආබාධයකට ලක්වූ අතර ඔහුට ද තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූයේ ය.

වේග පන්දු යවන්නෙකු ලෙස තරගාවලියට එක්ව සිටින ප්‍රමෝත් මධුෂාන්ට ද මස්පිඩු ආබාධයක් හේතුවෙන් තරග කීපයක් අහිමි වී ගිය අතර ඔහුගේ ආබාධ තත්ත්වය එතරම්ම දරුණු නොවූ හේතුවෙන් තරගාවලිය ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට යෝග්‍ය සෞඛ්‍ය තත්ත්වයක පසුවේ.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ද මස්පිඩු ආබාධයක් හේතුවෙන් තරගාවලිය අතරතුර ඉන් ඉවත් වීමට සිදු වූයේය.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ද ආබාධයක් හේතුවෙන් අයර්ලන්තය සමඟ පැවැති තරගයට සහභාගී වීමට නොහැකි විය.

මෙම ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඇතිවූ ක්‍රීඩක පුරප්පාඩු පිරවීම සඳහා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ඊයේ රාත්‍රියේ ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටියහ.

ඔවුන් තිදෙනා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්ය සාධන ඒකකයේ ප්‍රධානියා වන ටිම් මැක්කැස්කිල් මහතාද ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටි අතර මෙම ක්‍රීඩකයන් තිදෙනා මුල් දින කිහිපයේ දී ටිම් මැක්කැස්කිල් මහතා සමග ඔස්ටේ්‍රලියාවේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
පළමු කාණ්ඩයෙන් නවසීලන්තය පෙරමුණේ

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ පළමු කාණ්ඩයෙන් තරග වදින කණ්ඩායම් සියල්ල ඊයේ වන විට තරග දෙකකට සහභාගී වී තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු විය.

ශ්‍රී ලංකාව එක් තරගයක් ජයග්‍රහණය කර එක් තරගයක් පරාජයට පත්වී දෙවැනි තැනට පත් වී සිටින අතර නවසීලන්තය එහි පෙරමුණට පැමිණ ඇත. නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර ඒ සමගම ඔස්ටේ්‍රලියාවට එරෙහිව ලද ජයත් සමඟ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක් ලෙස සටහන් වේ.
කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment