ගම්පහ රෝහලේ දොස්තරගේ වරදින් ආබාධිත වුණ දැරියට කෝටි 3 ක වන්දි ගෙවන්න නියෝග

425

ගම්පහ මහ රෝහලේ මාතෘ සායනයට සහභාගි වූ මවක් එම රෝහලේදීම බිහිකළ දැරියක සම්පූර්ණයෙන්ම ආබාධිත තත්ත්වයට පත්වීම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ බවට නිගමනය කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය එම දැරියට රුපියල් ලක්‍ෂ 300ක වන්දියක් ගෙවන ලෙසට රජයට ඊයේ (29දා) නියෝග කළාය.

තනිව නැගී සිටිය නොහැකි තරමට දෑත් දෙපා අප්‍රාණික හරිහැටි දෑස් නොපෙනෙන සවන් නොඇසෙන මේ වනවිට 10 හැවිරිදි එම දැරියගේ මව සහයක මිත්‍රයා ලෙස නම් කර එම නඩුව පුරා වසර අටක කාලයක් විභාගයට ගැනීමෙන් අනතුරුව අධිකරණය එම තීන්දුව නිකුත් කර තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ගොනුකර තිබුණි. එම දැරියගේ හා මවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment