ඔක්තෝබර් මාසයේ විදෙස් සංචාරකයෝ 42026 ක්

130

ඉකුත් ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් හතළිස් දෙදහස් විසිහයදෙනෙක් පැමිණ ඇත.

ගිය වසරේ (2021) ඔක්තෝබර් මස පැමිණි සංචාරකයන් ප්‍රමාණය 22771 කි. මේ අනුව මේ වසරේ (2022) මුල් මාස දහයේ දී පැමිණ ඇති මුළු සංචාරකයන් ප්‍රමාණය 568258කි.

ගිය වසරේ (2021) පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව එක්ලක්‍ෂ අනූහතරදහස් හාරසිය අනූපහකි. ඉකුත් ඔක්තෝබර් මාසයේ දී 8862 ක වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එසේම රුසියාවෙන් 6189ක් හා එංගලන්තයෙන් 4275ක් ද විදෙස් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment