උ. පෙළ පිළිතුරු පත්‍ර බලනවද නැද්ද සරසවි ඇදුරන්ගේ තීරණය හෙට

97

උසස් පෙළ පිළිතුරු පත්‍ර බලනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් හෙට (25 දා) තීරණයක් ගන්නා බව විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය. පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව මේ වන විට මාස දෙකක් ප්‍රමාදවී ඇත.

ආණ්ඩුව විසින් අසාධාරණ ලෙස බදු වැඩි කිරීම සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිiාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර බැලීම වර්ජනය කළ බවද මේ වන විට විශ්වවිiාල ආචාර්යවරුන් රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගත් ණය සඳහා සහන කාලයක් ලබාදීමට එකඟවී ඇතත් එය ආචාර්යවරුන් ඉල්ලා සිටි පරිදි ලබාදී නැතැයිද ලක්සිරි මහතා පැවසීය.

ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයාට හැකිවී නැති බවත් පිළිතුරු පත්‍ර බලනවාද නැද්ද යන්න පිළිබඳව ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිත බවත් පැවසූ ඒ මහතා මෙම විධායක සභාව 150 ක පමණ පිරිසකින් සමන්විත බවද කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment