අරක්කු නිෂ්පාදනය පහළට

2773

මෙරට මද්‍යසාර නිෂ්පාදනය ඉකුත් වසරේ (2023) පළමු මාස නමයේ දී ලීටර මිලියන 27 දක්වා සියයට 13.4කින් අඩුවී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී මෙරට මද්‍යසාර නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ මුල් මාස නමයේ දී සියයට 13.4කින් අඩු වී තිබේ.

සුරාබදු ආදායමද 2022 වසරේ පළමු මාස නමයට සාපේක්ෂව රුපියල් බිලියන 124 දක්වා සියයට 0.4කින් සුළු වශයෙන් අඩු වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි. 2022 වසරේ පළමු මාස නමයේ දී මෙරට සුරාබදු ආදායම රුපියල් බිලියන 124.6ක් විය.

ඉකුත් වසරේ (2023) ඇස්තමේන්තුගත සුරාබදු ආදායමෙන් සියයට 58ක් ළඟා කර ගෙන ඇති බව ද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment