නව නීති හදන්න ලෝක බැංකු ආධාර

49

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා ඇමරිකානු ආධාර වැඩසටහන එකඟතාව පළ කර තිබේ.

ලෝක බැංකු නිලධාරීන් හා ඇමරිකානු ආධාර වැඩසටහනේ නිලධාරීන් සමග ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතාව පළවී ඇත. ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේ මූලික පියවර ලෙස නීති කෙටුම්පත් සාම්පාදකයන්ගේ හා නීති පරිවර්තකයන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට තීරණය වී තිබේ.

නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් යටතේ නව නිතී සම්පාදනය කිරීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් තීන්දු වී ඇති නමුත් ඒවා කඩිනමින් ඉටු කිරීමට බාධාවක්ව පවතින අදාළ පුරප්පාඩු ලෝක බැංකුවේ හා ඇමරිකා ආධාර යටතේ සම්පූර්ණ කෙරෙනු ඇත.

මෑත කාලයේ විශ්‍රාම ගිය නිලධාරීන් මේ වෙනුවෙන් බඳවා ගැනෙන අතර ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීමට ඉහත ආයතන දෙක මුදල් ලබා දෙනු ඇත. ඉතා ඉක්මනින් මෙම කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ ආයතන දෙකේ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment