අන්තරේ නව කැඳවුම්කරු පේරාදෙණියේ මධුෂාන්

152

අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩල නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිiාලයේ සම සෞඛ්‍ය විiා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් ශිෂ්‍යයා තේරීපත්වී තිබේ.

එම බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ අත්සනින් යුතුව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

රජරට විශ්වවිiාලයේ පෙරේදා (20 දා) පැවැති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ සඳහන් වේ.

තේරීපත්වූ අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මෙසේ පැවසීය.

නව පත්වීම ගැන හරිම සතුටුයි. රාජ්‍ය විශ්වවිiාල 17 ක් තියෙනවා. ඒවායේ අපේ සහෝදර සහෝදරියන් ලක්‍ෂ එකහමාරක් ඉගෙන ගන්නවා. අපේ සහෝදර සහෝදරියන්ගේ ගැටලු තාමත් විසඳිලා නැහැ. ජනතාවගේ ප්‍රශ්න විසඳිලත් නැහැ. විශ්වවිiාලවල දේශකවරුන් නැහැ. නේවාසික පහසුකම් ගැටලු, ආපන ශාලාවල ආහාර මිල ගණන් අධිකයි. ඒවායේ සෞඛ්‍ය සම්පන්න ආහාර නැහැ. මහපොල ප්‍රශ්න, මුද්‍රණ වියදම්, ප්‍රවාහන වියදම්, දේශන ශාලා ගැටලු වැනි ප්‍රශ්න රැසක් තියෙනවා. රජය මේවාට විසඳුම් දෙනතුරු අපි අරගල කරනවා.

මධුෂාන් චන්ද්‍රජිත් ඇඹිලිපිටිය මහා විiාලයේ ආදි සිසුවකු වන අතර ඔහු 2017 දී අපොස උසස් පෙළ විභාගයට මුහුණදී තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment